ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී ලංකාවේ විශාලතම ඇස්ෆල්ට්ස් කර්මාන්තශාලාව මතුගමදී විවෘත කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙරට ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු සමාගමක් වන ඇක්සස් ඉංජිනියරි පීඑල්සී සමාගම සිය ඇස්ෆල්ට්ස් නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් ලංකාවේ විශාලතම ඇස්ෆල්ට්ස් නිෂ්පාදන කර්මාන්තශාලාව පසුගියදා මතුගමදී විවෘත කළ බව පවසයි.

මතුගම හොරවල පිහිටි ඩැනිස්ටන් වතුයායේ මෙම නව කර්මාන්තශාලාව ඉදිකර තිබේ. එම පරිශ්‍රය තුළ පිහිටි ඇස්ෆල්ට් කර්මාන්තශාලාවට අමතරව මෙම නව කර්මාන්තශාලාව එහි පිහිටුවා ඇතැයි පැවසෙයි.

මෙම නව කර්මාන්තශාලාවට පැයකට ඇස්ෆල්ට්ස් මෙට්‍රික් ටොන් 160ක ප්‍රමාණයක් නිපදවීමේ ධාරිතාවක් ඇති බවත්, ඒ අනුව මෙය මෙරට පිහිටි විශාලතම ඇස්ෆල්ට්ස් නිෂ්පාදන කර්මාන්තශාලාව බවත් ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී පවසයි.

අද වනවිට සමාගම සතුව මතුගම, කොටදෙනියාව, මයිලපිටිය, ගිරිඋල්ල, වවුනියාව, ඔකේවෙල්ල, ගනේවල්පොල සහ හැටන් යන ප්‍රදේශවල තවත් ඇස්ෆල්ට්ස් නිෂ්පාදන කර්මාන්තශාලා පිහිටා තිබේ.

“මතුගම පිහිටි මෙම කර්මාන්තශාලාව මගින් ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී සමාගමේ ඇස්ෆල්ට්ස් නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදීසිදු කිරීමට නියමිත දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා මෙරට තුළ ඉහළයන ඇස්ෆල්ට්ස් කොන්ක්‍රීට් අවශ්‍යතාවට සරිලන ලෙස සමාගම විසින් මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා.” යනුවෙන් ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී සමාගම පවසයි.

අද වනවිට ලංකාවේ ප්‍රධානතම ඇස්ෆල්ට්ස් කොන්ක්‍රීට් නිෂ්පාදකයෙකු ලෙස ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී සමාගම හඳුනාගෙන තිබේ. එහිදී මෙරට ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහාද මූලිකවම දායක වී සිටින්නේද එම සමාගමයි.

විශේෂයෙන්ම ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී සමාගම මගින් ඉදිකරමින් පවතින රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඇස්ෆල්ට්ස් කොන්ක්‍රීට් මෙම මතුගම පිහිටි කර්මාන්තශාලාව හරහා සැපයීමේ හැකියාවක් සමාගමට හිමිවන බවත් සඳහන් වෙයි.

Visits: 867