පිඹුර මූලික රෝහලේ ඔක්සිජන් ධාරිතාවය ඉහළ නැංවීමට MAS සමූහයේ බොඩිලයින් දායකත්වය

පිඹුර මූලික රෝහලට විශාල අඩුවක්ව පැවති ඔක්සිජන් ධාරිතාව ඉහළ නන්වමින් එම පද්ධතිය ගොඩනැන්වීමට MAS සමූහයට අයත් බොඩිලයින් ආයතනය පසුගියදා ලබාදුන් බව පවසයි. හොරණ, පිඹුර හා අගලවත්ත පිහිටි බොඩිලයින් ආයතන තුනෙහි  එකතුවෙන් මෙම ප්‍රජා සත්කාරය සිදු කර තිබේ.

පිඹුර මූලික රෝහලේ ඔක්සිජන් ධාරිතාව ඉහළ නන්වන්නට කලක සිට විශාල අවශ්‍යතාවයක් පැවතියද ඒ සඳහා හැකියාවක් ලැබී නොතිබුණි. ඒ අනුව බොඩිලයින් ආයතනය විසින් එහි ලීටර් 3000ක ඔක්සිජන් ටැංකියක් සවිකරමින් රෝගීන් වෙනුවෙන් ඔක්සිජන් ධාරිතාව ඉහළ නන්වන්නට කටයුතු කර ඇතැයි පවසයි.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා බොඩිලයින් හි ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා, නිෂ්පාදන අධ්‍යක්‍ෂ සමන්ත සෙනවිරත්න, මානව සම්පත් සහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂ වෙනුර අත්තනායක,  බොඩිලයින් II  හි මෙහෙයුම් සාමාන්‍යාධිකාරි එරංග වීරසිංහ හා බොඩිලයින් II  හි මානව සම්පත් කළමනාකාරිණී කමණී ගුණසේකරආදීන් සහභාගී විය.  තවද ඒ සඳහා පිඹුර මූලික රෝහලේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ, ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ හා මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂ අමුත්තන් රැසක්​ද සහභාගීවී තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ  MAS සමූහයට අයත් බොඩිලයින් හි මානව සම්පත් සහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂ වෙනුර අත්තනායක මහතා “පැවති අවශ්‍යතාවය හඳුනාගනිමින්, ප්‍රජාවගේ යහපත වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදුකරන්නට හොරණ, පිඹුර හා අගලවත්ත පිහිටි බොඩිලයින් ආයතන තුනෙහි අප එකමුතුවෙන් කටයුතු කළා. ඉදිරියේදීද අවශ්‍යතාවයන් අනුව මෙවන් සමාජ සත්කාරයන් සඳහා දායක වීම MASඅපගේ බලාපොරොත්තුවයි.” යනුවෙන් පවසා ඇත.

මෙම සත්කාරයට පෙර මෙම වසර ආරම්භයේදීද MAS සමූහය විසින් කුලියාපිටිය ශික්ෂණ රො​හලේ ඔක්සිජන් ධාරිතාව ලීටර් 6000 කින් ඉහළ නන්වමින් එම පද්ධතිය ගොඩනැන්වීමට කටයුතු කර තිබේ.

තවද COVID-19 රෝගීන්ගේ රැකවරණය වෙනුවෙන් වෛද්‍ය හා අනෙකුත් පහසුකම් සහිතව දිවයිනේ ප්‍රදේශ කිහි​පයක​මCOVID-19 සත්කාර මධ්‍යස්ථාන පිහිටුවන්නටද MASකටයුතු කර තිබේ.

Visits: 70