SAMSUNG Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G දැන් වෙළෙඳපොළේ

මෑතකදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ පෙර ඇණවුම් කිරීමේ අදියර සමඟින් නවතම Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones පාරිභෝගික ජනතාවගේ සිත් ඉක්මනින් ග‍්‍රහණය කර ගැනීමට සමත් වී ඇතැයි පවසයි.

ඒ අනුව Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones කාණ්ඩය සුවිශේෂී හඳුන්වා දීමේ දීමනා සහිතව දැන් මෙරටදී ඔබට මිලදී ගත හැකිය. 

Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones හි නව පාරිභෝගිකයින් සඳහා සැම්සුන් ශ්‍රී ලංකා විසින් ආකර්ෂණීය ප‍්‍රවර්ධන වැඩසටහන් හඳුන්වා දී ඇත. මෙම smartphones මිලදී ගන්නා අයට 50%ක වට්ටමකින් සැම්සුන් Galaxy Buds Live ලබා ගත හැකිය. Fold3 cover සමඟ S Pen එකක් සහ Flip3 silicon cover එක සමඟින් ring හෝ strap එකක් ද පාරිභෝගිකයින්ට මෙම smartphone එක සමඟින් මිලදී ගැනීමට හැකියාව ඇත.  

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සහ ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් යන බැංකු මගින් මෙම Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ද මාස 20 ක් දක්වා පොලී රහිත වාරික ගෙවීම් සඳහා හැකියාව ලැබේ. එමෙන්ම ඔවුන් මෙම ස්මාර්ට් ජංගම දුරකතන මිලදී ගැනීමේදී එය සමඟ කොන්දේසි සහිතව ඩයලොග් වෙතින් 200 GB දක්වා නොමිලේ data දීමනා ලබා ගැනීමට හැකිවීම ද විශේෂත්වයකි.

”Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G සඳහා සැම්සුන් හදවතින්ම වැළඳගත් අපගේ විශාල පාරිභෝගික පදනම වෙතින් අප වෙත හොඳ ප‍්‍රතිචාර ලැබිලා තිබෙනවා. අපගේ පාරිභෝගිකයින් නව Samsung foldables දැඩි කැමැත්තකින් පිළිගෙන තිබීම අපට සතුටක්. මෙම smartphones මිලදී ගන්නා පාරිභෝගිකයින්ට අපගේ ප‍්‍රධාන දීමනා සමඟින් සුවිශේෂී ප‍්‍රතිලාභ භුක්ති විඳින අතරතුර Galaxy foldables හි සුපිරි තාක්ෂණය හා එහි ඇති නවීනත්වය විඳ ගැනීමට ද දැන් පුළුවන්.” යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

”Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිචාරය ඉතා ඉහළයි. එම smartphones වල ඇති අතිනවීන තාක්ෂණය සහ හැඩකාර පෙනුම සියලූ ශ‍්‍රී ලාංකිකයින්ගේ හදවත් ඉක්මනින් ග‍්‍රහණය කරගෙන තිබෙනවා. ලබා දෙන මෙම ආකර්ෂණීය දීමනා සමඟින් බොහෝ පාරිභෝගිකයින්ට Samsung foldables හි සුපිරි තාක්ෂණය භුක්ති විඳිය හැකියි.”යනුවෙන් Samsung Galaxy foldables සඳහා සන්නාම තානාපතිනී යොහානි ද සිල්වා පැවසුවාය.

ඔබ flip හෝ fold තෝරා ගත්තද මෙම නවතම Galaxy Z devices දෙක මගින් ඔබ මෙතෙක් අත් නොවිඳි කල් පවතින, සම්බන්ධිත හා පුළුල් foldable අත්දැකීම් ඔබට ලබා දෙයිx.මෙම Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G නවතම smartphones ජලයට ඔරොත්තු දෙන තාක්ෂණයෙන් සමන්විත වන අතර Galaxy smartphones සඳහා භාවිතා කරන ශක්තිමත්ම ඇලූමිනියම් වර්ගය වන නව Armor Aluminum වලින් මෙය නිපදවා ඇත. එමෙන්ම එහි තිරය Corning® Gorilla® Glass Victus™ වීදුරුවකින් නිමවා තිබීම හේතුවෙන් දුරකතනයට සිදුවන සීරීම් හා බිම වැටීම්වලින් එය ආරක්ෂා කරයි. මෙම smartphone ද්විත්වයම වැඩිදියුණු කළ protective film එකකින් සහ මනාව විධිමත් කරන ලද ආරක්ෂිත පැනලයක් සමඟ ඔබ වෙත පැමිණේ.

මෙහිදී Galaxy Z Fold3 5G (12+256GB) : රු.399,999 (Phantom කළු Phantom කොළ)ටත්, Galaxy Z Flip3 5G (8+256GB)  රු.249,999 (Cream සහ Phantom කළු) මිලකටත් නියම කෙරී ඇත.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G මිලදී ගත හැකිය.

එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Max සහ Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් ද ලබා ගත හැකිය. එමෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ඔක්තෝබර් 06 දා සිට ඔබට මෙය මිලදී ගත හැකිය.

Visits: 69