සෙලින්කෝ ලයිෆ් මාතලේ නව ශාඛාව පරිසර හිතකාමීව ඉදිකිරීමට මුල්ගල තබයි

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අඛණ්ඩව අවම කිරීම සඳහා සිදුකරන ආයෝජනයන් ඉදිරියට රැගෙන යමින් මාතලේ ප‍්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛාවක් ඉදිකිරීම වෙනුවෙන් පසුගියදා මුල්ගල තබන ලද බව පවසයි.

අංක 171/A, 176/1/ 1 සහ 176/B, ති‍්‍රකුණාමලය පාර, මාතලේ ලිපිනයේ රුපියල් මිලියන 88.6 ක ආයෝජනයක් සමඟ ඉදිකෙරෙන තට්ටු හතරකින් යුක්ත මෙම ගොඩනැගිල්ල වර්ග අඩි 5,039 ක ඉඩ ප‍්‍රමාණයක් ලබා දෙන අතර වාහන ගාල්කර තැබිය හැකි ඉඩකඩ සහිත වාහන අංගනයක්ද සමාගම විසින් ගොඩනගනු ඇත. මාතලේ දිස්ත‍්‍රික්කයේ සෙලින්කෝ ලයිෆ් සමාගමට අයිති ඉඩමක ඉදිකරන පළමු ශාඛා ගොඩනැගිල්ල මෙය වේ.

පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අවම කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම ගොඩනැගිල්ලට 20kW පමණ වූ සූර්ය විදුලි බල පද්ධතියකින්  විදුලිය ලබාගන්නා නිසා ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාගැනීමක් සිදු නොකරනු ඇත. මෙම ගොඩනැගිල්ලේ වැසි ජලය රැස්කරන වෙනමම පහසුකමක් ගොඩනගන අතර අපජලය පිරිපහදු කිරීමේ පහසුකමක්ද මෙම ගොඩනැගිල්ලේ ගොඩනගන බව සමාගම පවසයි.

මීට අමතරව, මෙම ගොඩනැගිල්ලට ස්වභාවික අලෝකය උපරිම වශයෙන් ලැබෙන ලෙස සැලසුම් කර තිබෙන අතර බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත විදුලි බුබුළු සහ වායු සමීකරණ යන්ත‍්‍ර සවිකරන බව සමාගම සඳහන් කරයි. එසේම, මෙම ගොඩනැගිල්ල සඳහා ලී අවම වශයෙන් යොදාගැනීමට සමාගම සැලසුම් කර තිබෙන අතර ඉදිකිරීම් අවසන් වන විට ඊට අලුතින් ගස් එක් කිරීමද සිදු කරයි.

සෙලින්කෝ ලයිෆ් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයේ සහභාගීත්වයෙන් ඉහත ලිපිනයේ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබන ලදී.

සෙලින්කෝ ලයිෆ් විසින් සිය ජා-ඇල ප‍්‍රදේශයේ තවත් හරිත ශාඛාවක් ඉදිකිරීම සිදු කරමින් සිටී. සමාගම විසින් මේ වනවිට අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, යාපනය, මඩකළපුව, මහනුවර, කළුතර, කුරුණෑගල, ගම්පහ, මාතර, ගාල්ල, තිස්සමහාරාමය, මීගමුව, රත්නපුරය, කොටහේන, ගල්කිස්ස සහ වැල්ලවත්ත යන ස්ථානවල සමාගමට අයත් ශාඛා ගොඩනැගිලි පිහිටුවා තිබෙන අතර මින් බොහෝමයක් සඳහා මේ වනවිට විදුලිය ලබාගන්නේ සූර්ය බලශක්තිය මගිනි.

එසේම, නව පරිසර හිතකාමී ආකෘතියට අනුව සමාගම විසින් තමන්ටම අයත් ඉඩම්වල හොරණ, පානදුර, වෙන්නප්පුව, බණ්ඩාරවෙල, හලාවත, කඩවත, යාපනය, මාලඹේ, දිවුලපිටිය, මීගමුව සහ පිළියන්දළ ප‍්‍රදේශවල ශාඛා ගොඩනැගිලි ඉදිකර ඇත.

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 272 ක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.

Visits: 33