හේලීස් ෆැබ්රික් ශත 40 බැගින් පළමු අතරමැදි ලාභාංශයක් නිවේදනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම (MGT.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණ කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් මේ දක්වා නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 40ක් බැගින් මෙම ලාභාංශ ගෙවීමට තීරණය වී ඇත.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 22 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත (XD Date) දිනය ලෙස ඔක්තෝබර් 08 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය සමාගමෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවද හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගමෙහි කොටසක අගය රුපියල් 33.50ක් විය.

හේලීස් සමූහයට අයත් හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම පසුගිය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා පළමු අතරමැදි, දෙවැනි අතරමැදි, තෙවැනි අතරමැදි සහ අවසන් ලෙස අවස්ථා හතරකදී සිය කොටස් හිමිකරුවන් වෙත කොටස් ලාභාංශ ගෙවා තිබේ. ඒඅනුව පිළීවෙලින් ශත 25ක්, ශත 45ක්, ශත 25ක් සහ ශත 10ක් ලෙස මෙම ලාභාංශ ගෙවීම සිදුව ඇත.

Visits: 153