මහජන බැංකුව ලෝක ළමා දිනය සමරයි

ශ්‍රී ලාංකීය ජනතාවට දශක හයක් මු`ඵල්ලේ බැංකු හා මූල්‍ය පහසුකම් ළඟා කළ මහජන බැංකුව, කුඩා බිළිඳාගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා විවිධ වයස් කාණ්ඩවලට ගැලපෙන ඉතුරුම් ගිණුම් හඳුන්වා දී ඇත්තේ ගනුදෙනුකරුවන් වෙත ඉහළම බැංකු සේවාවන් ලබාදීමේ අරමුණනි.

ඒ අතර, අලුත උපන් බිළිදාගේ සිට වයස අවුරුදු 05 දක්වා සිඟිත්තන් වෙනුවෙන් ඉසුරු උදාන ගිණුමද, පාසල් සිසු දරු දැරියන්ට ඉතිරි කිරීමේ සංකල්පය හුරු කිරීමේ අරමුණ ඇතිව සිසු උදාන ගිණුමද හඳුන්වා දී ඇත. මෙරට අලුතින් ඉපදෙන සෑම බිළිදකුටම ගිණුම් විවෘත කිරීම සඳහා වටිනා ආරම්භක තැන්පතුවක් පිරිනැමීමටද මහජන බැංකුව කරයි. අද වන විට ශ්‍රී ලංකාවේ වැඩිම දරු දැරියන් පිරිසක් සිය ඉතුරුම් ගිණුම් පවත්වාගෙන යන්නේ මහජන බැංකුව සමඟයි. ආරම්භයේ සිටම මහජන බැංකුව මෙම ළමා ඉතුරුම් ගිණුම සඳහා ඉහළම පොලියක් මෙන්ම අධ්‍යාපන වටිනාකමක් සහිත තෑගි සහ ප්‍රතිලාභ රැසක් ලබාදීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ) රේණුකා ජයසිංහ මහත්මිය,

‘දැයේ අනාගත ජීවනාලිය වන්නේ අපගේ දරු පරපුරයි. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් හා මගපෙන්වීමක් ලබාදෙමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම දෙමාපියන්ගේ යුතුකමක්. අනාගතයට වැදගත්ම ආයෝජනයක් වන ඉතිරිකිරීමේ යහගුණය දරුවන්ට හුරු කළ යුත්තේ ළමාවියේ සිටමයි. කුඩා කළ සිටම ඉතිරිකිරීම දරුවාගේ ජීවිතයේ පුරුද්දක් බවට පත්වුනොත් ඔවුන් වැඩිහිටියන් වීමෙන් අනතුරුවත් ඒ යහගුණය නොකඩවා පවත්වා ගෙන යාවි. මහජන බැංකුව ලාංකේය දරු පරපුර වෙනුවෙන් ඉසුරු උදාන සහ සිසු උදාන ගිණුම් හඳුන්වාදුන්නේ ඒ නිසාමයි.

දිවයින පුරා පාසල්වල මහජන බැංකුව සිසු උදාන ඉතුරුම් ඒකක ස්ථාපිත කර තිබෙනවා. ඒ තුළින් ඔවුන්ට බැංකුකරණ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලැබෙන අතර, සරලව හා ආරක්ෂාකාරීව මුදල් තැන්පතු සිදුකිරීමේ අවස්ථාව හිමිවනවා. එමෙන්ම පහ වසර ශිෂ්‍යත්වය සමත්වන දරුවන්ගේ උසස් අධ්‍යාපනයට සවිමත් අත්වැලක් සැපයීමේ අරමුණෙන් සිසු දරු දැරියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම 1997 දී ආරම්භ කෙරුණා. එතැන් සිට සෑම වසරකම මහජන බැංකුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉහළින් සමත්වන සිසු සිසුවියන්ට මුදල් තිළිණ පිරිනැමීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවනවා.

එමෙන්ම සිසු පරපුරට ඩිජිටල් බැංකුකරණ අත්දැකිම් ලබාදිමේ අරමුණින් මහජන බැංකුව සිය ස්වයං බැංකුකරණ ඒකක :ීඊඹ* ආකෘතියට සමානව නිමැවූ භත්‍ක්‍ තාක්ෂණයෙන් යුත් මුදල් තැන්පතු යන්ත්‍ර සහිත පාසල් බැංකු ඒකකයන් හඳුන්වා දී තිබෙනවා. මෙහි ප්‍රධානතම අරමුණ සිසු දරුවන්ට ඩිජිටල්කරණය සමීප කරමින් ඔවුන් තුළ ඉතුරු කිරීමේ පුරුද්ද ඇතිකිරීම මෙන්ම වඩාත් වැඩිදියුණු කළ බැංකු පහසුකම් හරහා සුවපහසුව සහ ආරක්ෂාකාරී බව පිරි බැංකුකරණ අත්දැකීමක් දරුවන්ට ලබාදීමයි.

මීට අමතරව දේශීය නිෂ්පාදකයක් දිරිගැන්වීමේ රජයේ දැක්මට ඉදිරියට ගෙනයාම සඳහා බැංකුව විසින් දරුවන්ගේ ඉතුරුම් පුරුද්ද ඇතිකිරීමට ලබාදෙන එක් ත්‍යාගයක් ලෙස මැටියෙන් තැනූ ඉතුරුම් කැටයක් හඳුන්වා දුන් අතර, ඒ තුළින් දේශිය නිෂ්පාදකයින්ද දිරිමත් කිරීමට මහජන බැංකුවට හැකිවුනා.

ඒ වගේම මහජන බැංකුවේ සිසු උදාන ගිණුම් දරුවාට වයස අවුරුදු 18ක් සම්පූර්ණ වන විට ස්වයංක්‍රීයවම ශෑී ගිණුමක් බවට පරිවර්තනය වෙනවා. ඉන් දරුවාගේ අනාගත ඉලක්ක ජයගැනීම සඳහා ලැබෙන්නේ විශාල ශක්තියක්. විශේෂයෙන් ඔවුන් උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීම, විවාහ වීම, රථවාහනයක් මිලදී වැනි කටයුතුවලදි කුඩා කළ ඉතිරිකළ මුදල් ප්‍රයෝජනයට ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවනවා.

සිසු උදාන ගිණුමින් මූල්‍යමය ප්‍රතිලාභ වලට අමතරව දරුවන්ගේ විවිධ නිර්මාණාත්මක කුසලතා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් ද අප දායකත්වය ලබාදෙනවා. ඒ අනුව මේ වසරේදී ළමා රක්ෂණ අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා චිත්‍ර තරඟාවලියට අනුග්‍රහය ලබාදීමට මහජන බැංකුව කටයුතු කරනවා. විශේෂයෙන් දැනට ලොව පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ බාහිර සමාජයට නොගොස් නිවසේ සිටම අධ්‍යාපනය ලබන කලා හැකියාවන් ඔප්නැංවීම සඳහා සංවිධානය කෙරෙන එම චිත්‍ර තරඟාවලිය සඳහා මහජන බැංකුව අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ සමාජ සත්කාරක මෙහෙවරක් ලෙසයි.

එමෙන්ම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම හා එක්ව මහජන බැංකුවේ සිසු උදාන ගිණුම මඟින් දිවයින පුරා පාසල් වල නව නිපැයුම්කරුවන්ගේ සංගම් බලගැන්වීමටද අප පියවර ගත්තා.

මෙවරද ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝම්බර් 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මහජන බැංකුව නම් කර ඇති ළමා ඉතුරුම් තෙමස තුළ දී අපි දරු දැරියන්ව ඉතිරි කිරීම සඳහා දිරිමත් කිරීමේ අරමුණින් විනෝදාත්මක මෙන්ම අධ්‍යාපනික වටිනාමකින් යුතු ආකර්ෂණීය තිළිණ රැසක් පිරිනමනවා.

තවමත් ඔබේ දරුවාට මහජන බැංකුවේ ඉතුරුම් ගිණුමක් විවෘත කර නොමැති නම් මේ ඉතුරුම් තෙමස තුළ
ඉතිරිකිරීමේ හොඳ පුරුද්ද වර්ධනය කරන්නට ඉසුරු උදාන හෝ සිසු උදාන ගිණුමක් ආරම්භ කර ඔබේ දරුවාගේ භෙට දිනය සුරක්ෂිත කරන මෙන් නිරතුරුවම දරුවන්ට හොඳම දේ ලබාදෙන මහජන බැංකුව සියලුම දෙමාපියන්ට සෙනෙහසින් ආරාධනා කර සිටිනවා.’

මහජන බැංකුව පුරා හැට වසරක් මු`ඵල්ලේ දිවයින පුරා විසිරි සිටින සුවහසක් ජනතාවගේ මූල්‍ය සුවපහසුව ළඟාකර දීම උදෙසා නිරන්තරයෙන්ම කටයුතු කරයි. ජීවිතයේ ආරම්භක අවදියේ සිට පරිණත අවදිය දක්වා විවිධ වයස් කාණ්ඩවලට හා විවිධ ක්ෂේත්‍රයන්හි නියැලෙන ගනුදෙනුකාර භවතුන්ගේ මූල්‍ය අවශ්‍යතා තේරුම්ගනිමින්, ඒවා සාක්ෂාත්කරගැනීමට අවශ්‍ය දැනුම හා මූල්‍ය දායකත්වය ලබාදෙමින් සියලු දෙනාගේම ජීවන තත්ත්වය උසස් කිරීමට මහජන බැංකුව සැමදා කැපවිය.

රටපුරා විසිරී ඇති බැංකු ශාඛා 741 කින් සහ ඛ්බන් ඡ්හ ට්එැඅ්හ සමඟ බැඳුනු ජාලගත ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර 4000කට අධික සංඛ්‍යාවක් ඔස්සේ මිලියන 14 කට වැඩි ගනුදෙනුකරුවන් සංඛ්‍යාවකට මූල්‍ය සේවා ලබාදෙන ටි්‍රලියන දෙකකට අධික වත්කම් වලින් යුත් මහජන බැංකුව ශ්‍රී ලාංකීය ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වෙයි. දිවයින පුරා පිහිටා ඇති 250 කට අධික මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන් තුළින් වසරේ දින 365 පුරාම සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මු`ඵ වසර පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු, සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත. කෘෂිකාර්මික, දේපළ වෙළදාම්, වානිජ සංවර්ධන, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ දෙස් විදෙස් ආනයන, අපනයන කර්මාන්ත ආදියට තම දායකත්වය ලබාදෙමින් රටේ සංවර්ධනයට මෙන්ම මූල්‍ය ශක්තියෙන් පිරිපුන් පුරවැසියන් පිරිසක් ගොඩනැංවීම සඳහා සවිබලය ලබාදීමට මහජන බැංකුව පෙරමුණ ගෙන ක්‍රියා කරයි.

Visits: 108