මහ බැංකු අධිපති හා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් අතර හමුවක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක හිමිකරුවන් සහ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඊයේ මහ බැංකු මූලස්ථානයේදී පැවැත්වී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා රට තුළ සාර්ව ආර්ථික ස්ථායිතාව ඇති කිරීමේ උත්සාහය සඳහා එම සමාගම් දක්වන සහයෝගය පිළිබඳව සිය ස්තූතිය පුද කර තිබේ.

එසේම සිය නියාමනයන් හරහාද ඔවුන් අධෛර්යමත් කරවීමට වඩා උනන්දුකරවීමට කටයුතු කරන බවත් අධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

මෙම හමුව සඳහා මෙරට ප්‍රකට සමාගම් රැසකම ප්‍රධානීන් වන හේලීස් සමූහයේ සභාපති ධම්මික පෙරේරා, හේලීස් උප සභාපති මොහාන් පණ්ඩිතගේ, මෙල්ස්ටාකෝර්ප් සමාගමේ සභාපති හැරී ජයවර්ධන, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, MAS හෝල්ඩිංග්ස් සභාපති අෂ්රොෆ් ඕමාර්, සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති අශෝක පතිරගේ යන මහත්වරුන් ඇතුළුව තවත් සමාගම් ප්‍රධානීන් රැසක්ම සහභාගි වී තිබේ.

Visits: 863