හේමක අමරසූරිය ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටි හේමක අමරසූරිය මහතා එම ධුරයෙන් ඉවත්ව ඇතැයි පවසයි.

2021 සැප්තැම්බර් 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුව තිබේ. එදින පැවැත් වුණු ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී සමාගමෙහි වාර්ෂික මහා සභා රැස්වීමේදී ඒ මහතා යළිත් වරක් එම ධුරයට පත්වීමට අදහස් නොකරන බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී හේමක අමරසූරිය මහතා එම සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය.

එසේම මෙම ඉවත්වීම සිදුවන අවස්ථාව වන විට ඒ මහතා සතුව ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී සමාගමෙහි කිසිදු කොටස්හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම පවසයි.

මේ අතර හේමක අමරසූරිය මහතා පසුගිය ජූනි මසයේදී තමන් දැරූ ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජිං සමාගමේ සභාපතිධුරයෙන්ද ඉවත් විය.

Visits: 207