Geely මෝටර් රථ සමාගම නිපදවන ජංගම දුරකතන 2023 දී වෙළෙඳ පොළට

චීනයේ සුප්‍රසිද්ධ මෝටර්රථ නිෂ්පාදන සමාගමක් වන Geely Holdings සමාගමේ සභාපති එරික් ලී සිය මුදල් ආයෝජනය කරමින් දියත් කර තිබෙන ස්මාට්ෆෝන් දුරකතන නිෂ්පාදන සමාගම 2023 වසරේදී සිය මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි පවසයි.

Geely Holdings සමාගම සිය සේවකයන් වෙත නිකුත් කළ මෙමෝ පණිවුඩයක් තුළ මේ පිළිබඳව සඳහන්ව තිබේ. ඒ අනුව මෙම නිෂ්පාදන අරඹන පළමු වසරේදී ස්මාට් ෆෝන් ඒකක මිලියන 3ක් අලෙවි කිරීමත් සැලසුම බව සමාගම පවසයි.

මෙහිදී Geely Holdings සභාපති එරික් ලී විසින් මේ සඳහා Hubei Xingji Shidai Technology Co Ltd. නමින් නව සමාගමක් පසුගියදා පිහිටුවා තිබේ. එහි මූලස්ථානය චීනයේ වුහාන් නගරයේ ස්ථාපිත කෙරෙනු ඇතැයි පැවසෙයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඔහු යොදවන මුදල යූආන් බිලියන 10ක් (එක්සත් ජනපද ඩොලර් බිලියන 1.55කි) බව සඳහන් කර තිබේ. එහිදී පළමු වසරේදීම එම මුදල උපයා ගැනීමත් සැලසුම බව එම මෙමෝ පණිවුඩය මගින් දැනුම් දී තිබේ.

එසේම ඉදිරි වසර අටක කාලයකදී යුආන් බිලියන 150ක සමස්ත ආදායමක් රැස් කරගැනීම අරමුණ බවත්, පුද්ගලයන් 3,000කට රැකියා අවස්ථාව ලබාදීම සැලසුම බවත් Geely Holdings සමාගම මෙම මෙමෝ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Visits: 123