නෙස්ලේ උප සභාපති බන්දුල එගොඩගේ කොමර්ෂල් ක්‍රෙඩිට් අධ්‍යක්ෂ මණ්ඩලයට

මෙරට රාජ්‍ය, අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සමාගම් රැසකම සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඇතුළු ඉහළ ධුර රැසකම කළමනාකරණ අත්දැකීම් සහිත බන්දුල එගොඩගේ මහතා කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස තෝරා කර ඇතැයි එම සමාගම නිවේදනය කරයි.

ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට මෙම පත් කිරීම බලාත්මක වන බව එම සමාගම සඳහන් කරයි. ඒ අනුව මෙහිදී ඒ මහතා කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් වීමට නියමිතව තිබේ.

මෙම නව පත් කිරිම සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කර තිබූ ලිපියද පසුගියදා එම සමාගම වෙත ලැබුණු බවද එම සමාගම පවසයි.

මෙම පත් කිරීම සඳහා නම් කෙරෙන අවස්ථාව වනවිට එගොඩගේ මහතා සතුව කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

සමාගම් සහ ආයතන රැසකම කළමනාකරණ ධුර අත්දැකීම් සහිත බන්දුල එගොඩගේ මහතා, අද වන විට නෙස්ලේ ලංකා සමාගමෙහි උප සභාපති (සාංගමික සහ නියාමන කටයුතු) ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා APPIT – Asia Pasifice Institute of Information Technology Lanka ආයතනයේද සභාපතිවරයා වෙයි. එසේම ඒ මහතා Ceyline Holdings පෞද්ගලික සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.

මීට අමතරව ඒ මහතා ලංකා පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙන්ම ස්විස්ටර්ලන්ත ව්‍යාපාර කවයේ සාමාජිකයෙකුද වෙයි. එසේම ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාර කවුන්සිලයේ උප සභාපතිවරයාද වන ඒ මහතා, ශ්‍රී ලංකා කර්මාන්ත සම්මේලනයේ සභාපතිවරයා මෙන්ම සාර්ක් කලාපීය වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ විධායක සාමාජිකයෙකුද වෙයි.

එසේම මීට පෙර ඒ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

Visits: 568