2021 ජූලි මාසයේදී වෙළෙඳ ශේෂය ඩොලර් මිලියන 607ක් දක්වා පුළුල් වෙයි

2021 ජුලි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,104ක් වූ බව මහ බැංකුව පවසයි. එසේම ජූලි මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,710ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව ජුලි මාසයේදී මෙරට වෙළෙඳ ගිණුමේ හිඟය තවදුරටත් පුළුල් වෙමින් රුපියල් මිලියන 607ක වෙළෙඳ ශේෂයක් වාර්තා වී තිබේ.

2021 ජූලි මාසයේදී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවක් ගෙන එමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳ කරුණු අනාවරණය කරයි.

විශේෂයෙන්ම 2020 වසරේ ජූලි මාසයේදී වාර්තා කළ අපනයනය ආදායම වූ රුපියල් මිලියන 1,085ට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසයේදී එම ආදායම 1.7%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. කෙසේ වෙතත් 2020 වසරේ ජූලි මාසයේදී වාර්තා කළ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,294ට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසයේදී එම වියදම 32.2%කින් ඉහළ ගොස් තිබීම මෙලෙස වෙළෙඳ ශේෂය තවදුරටත් පුළුල්වීමට හේතුව වී තිබේ.

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට ජුලි මාසය දක්වා මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,803ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2020 වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ ඩොලර් මිලියන 5,498ක ආදායම මෙන් 23.7%ක වර්ධනයකි.

එසේම 2021 ජනවාරි සිට ජුලි දක්වා වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 11,725ක් ලෙස වාර්තා කර ඇති අතර එය, 2020 වසරේ එම කාල සීමාවේදී වාර්තා කළ ඩොලර් බිලියන 8,968ක අපනයනය ආදායමට සාපේක්ෂව 30.7%ක වර්ධනයකි.

ඒ අනුව 20201 ජනාවාරි සිට ජූලි දක්වා කාලය තුළ මෙරට වෙළෙඳ ශේෂය ඩොලර් මිලියන 4,922ක් ලෙස සටහන්ව ඇත. 2020 වසරේ එම කාලසිමාවේදී එය ඩොලර් මිලියන 3,471ක් විය.

මෙලෙස වසරේ මේ දක්වා කාලය තුළ ඩොලර් බිලියන 5කට ආසන්න අගයකින් වෙළෙඳ ශේෂය පුළුල්වීම සඳහා දායක වූ ප්‍රධානම අයිතම අතර ඉන්ධන, යන්ත්‍රසූත්‍ර හා උපකරණ, රෙදිපිළි හා රෙදිපිළි උපාංග, මූල ලෝහ සහ රසායනික නිෂ්පාදිත ආනයනය සඳහා වූ වියදම් පිළිවෙලින් ඩොලර්ම මිලියන 599.5කින්, 451.5කින්, 439.5කින් 252.0කින් සහ 199.5කින් ඉහළ යාම හේතුව වී තිබේ.

එසේම මෙම කාලසීමාවේදී සම්භාණ්ඩ, සංචාරක භාණ්ඩ හා පාවහන්, එළවලු, සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත යනාදියේ අපනයන ආදායම් පිළිවෙලින් ඩොලර් මිලියන 4.5කින්, 4.8කින් සහ 12.7කින් අඩුවීමද බලපා තිබේ.

Visits: 151