දේශගුණ විපර්යාස ප්‍රතිපත්තියට තරුණ සහභාගිත්වයේ අවශ්‍යතාව British Council අවධාරණය කරයි

දේශගුණික විපර්යාසයන් ලොවට බලපා ඇති ප්‍රධානතම තර්ජනයක් ලෙසලොව පුරා වෙසෙනබහුතරයක් තරුණ තරුණියන් ඒකමතිකව පිළිගන්නා නමුත්, ඒ වෙනුවෙන් සාර්ථකව යමක් කිරීමට හෝ ශක්තිමත් හඬක් නැගීමට ඔවුන්ට ඇතිඅවස්ථා සීමිත බව British Council විසින්2021සැප්තැම්බර් 9වන දාඑළිදැක්වුණු සුවිශේෂී වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.

බ්‍රසීලය, ඉන්දියාව, කෙන්යාව, ශ්‍රී ලංකාවසහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 23 ක,වයස අවුරුදු 18-35 අතර තරුණ තරුණියන් 8,000 කගේ අදහස්, අත්දැකීම් සහ අභිලාෂයන් යොදා ගනිමින් සැකසුණු ‘ගෝලීය තරුණ ලිපි වාර්තාව’ ප්‍රධාන කොටගත් සුවිශේෂී ක්‍රමවේදයක් හරහා දේශගුණික විපර්යාසයන්  පිළිබඳව තාරුණ්‍යයේ දැක්ම කුමක්ද යන්න පිළිබඳව විමසීමක් සිදු කෙරී ඇත. එමගින් දේශගුණික විපර්යාසයන් පිළිබඳව රටවල් 23ක තරුණ තරුණියන්ගේ වටිනා අදහස් ලොවට හෙළි කිරීමට හැකි වී තිබේ.

2021වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලවකවානුව තුළ සිදු කෙරුණුමෙම පර්යේෂණය British Council හි දේශගුණික සම්බන්ධතා (The Climate Connection) වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක කෙරුණු අතර, එහි අරමුණ වූයේ දේශගුණික විපර්යාසයන් ආශ්‍රිත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ලොව පුරා ජනතාව ඒකරාශී කර ගැනීම බවත් සඳහන් වෙයි.

වාර්තාව මගින් අනාවරණය කරගත්, දේශගුණික විපර්යාස පිළිබඳ තරුණතරුණියන්ගේ අභිලාෂයන් සහ නිර්දේශයන් උපයෝගී කරමින් ‘ගෝලීය තරුණ ලිපියක්’සකස්කොට ඇති අතර,එය නොවැම්බර් මාසයේදීපැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට (COP26) සහභාගී වන ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ලෝක නායකයින්ගේ සෘජුසංවාදයටයොමුකිරීමට නියමිතය.

ගෝලීය වශයෙන්සිදුකෙරුණු මෙම සමීක්‍ෂණයසඳහා සහභාගි කරගත් තරුණතරුණියන්ගෙන් 25% ක්ග්‍රාමීය ප්‍රදේශවලින් එක්කරගත් අතර 75%ක පිරිසක් නාගරික ප්‍රදේශවලින් එක්කර ගැනිණි. එමෙන් ම මේ සඳහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 55% ක් කාන්තාවන්වූ අතර,මෙහි දී සාම්ප්‍රදායිකව සැලකිල්ලක් නොදක්වන ආබාධ සහිත තරුණතරුණියන්හාසුළුතර තරුණ කණ්ඩායම්වල අදහස් සඳහා ද අවධානය යොමු කිරීම විශේෂිත ය.

තම රටේ නායකයින්ට දේශගුණික විපර්යාසයන් තනිවම විසඳා ගත නොහැකි බවමෙහි දී අදහස් දැක්වූ තරුණ තරුණියන්ගෙන් 67% කපමණ පිරිසකගේ අදහස විය. වර්තමාන දේශගුණික විපර්යාස ප්‍රතිපත්තිය තුළ කාන්තාවන්ගේ සහ සුළුතර කණ්ඩායම්වල අදහස් අන්තර්ගත විය යුතු බව ඔවුහු අවධාරණය කළහ.

ප්‍රතිපත්තිමය තීරණ සඳහා තරුණතරුණියන්ගේ අදහස් ද ඇතුළත් කර ගැනීමේ වැදගත්කම මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි. මෙහි දී අදහස් දැක්වූ තරුණ තරුණියන්ගේ අදහස වූයේ ඔවුන්ගෙන් ලැබෙන වඩාත් නව්‍ය අදහස් මගින් පුළුල් හා වඩාත් ඵලදායී ලෙස දේශගුණික විපර්යාසයන්ට මුහුණ දියහැකි බවයි.

එමෙන් ම තරුණ තරුණියන්ගේ උද්‍යෝගීමත් බව වඩාත් ප්‍රායෝගිකව හා ව්‍යූහාත්මකව භාවිතයට ගත හැකි, ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ පැහැදිලි අවශ්‍යතාව මෙහිදී මතු කෙරිණි. තමන්ගේම අදහස්ඇතුළත් ‘දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා වූ ලිපිය හා ප්‍රතිඥාව’ සඳහා අත්සන් තැබීමට උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ට එම ලිපියට පහත Link එකෙන් පිවිසී අත්සන් තැබිය හැකිය: www.britishcouncil.org/climate-connection/get-involved/global-youth-letter

Visits: 49