කොමර්ෂල් බැංකුව SME ව්‍යවසායකයින් වෙනුවෙන් webinar වැඩසටහනක් පවත්වයි

කොමර්ෂල් බැංකුව පසුගියදා බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක ගනුදෙනුකරුවන් මෙන්ම ගනුදෙනුකරුවන් නොවන පිරිසකට ‘ඩිජිටල්කරණය සහ ව්‍යාපාර සඳහා ඩිජිටල් පද්ධති භාවිතා කිරීම’ පිළිබඳව දැනුවත් කිරීමට සජීවී webinar වැඩසටහනක් පවත්වන ලදී. 

Zoom තාක්ෂණය ඔස්සේ සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවන්ගෙන් මිනිත්තු 90 ක් පුරා පැවැත්වුණු අතර මෙම webinar වැඩසටහනට රෝ ඩිජිටල්, ගුඞ් මාර්කට් සහ බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානය මෙන්ම රිටේල් ප‍්‍රඩක්ට්ස් ඇන්ඞ් ඩිජිටල් චැනල් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් විශේෂඥ මඩුල්ලක් සහභාගී වූ අතර මෙයට ප‍්‍රශ්න සහ සාකච්ඡුා වාරයක්ද ඇතුළත් විය.

මෙහිදී, මෙයට සහභාගී වූවන් චැට් බොක්ස් සහ ඒ මොහොතේම මැසේජ් කිරීමේ පහසුකම තුළින් දිරිමත් කළ අතර මෙම වැඩසටහන බැංකුවේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේ සිට විකාශය කරන ලදී. මෙම වැඩසටහනේ වීඩියෝව මේ වනවිට කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියට, ෆේස්බුක් පිටුවට සහ YouTube නාලිකාවට අප්ලෝඞ් කර තිබෙන අතර  ඕනෑම කෙනෙකුට එය නැරඹිය හැකි බව බැංකුව සඳහන් කරයි.     

මෙම webinar වැඩසටහන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කරන අයුරින් නිර්මාණය කර තිබුණු අතර වර්තමානය වනවිට වසංගතය නිසා ඇතිවී තිබෙන අභියෝග ඩිජිටල්කරණය තුළින් ජයගැනීම සඳහා මෙහිදී දිරිමත් කරන ලදී.

මෙම webinar වැඩසටහන සඳහා සහභාගී වූ විශේෂඥ මඩුල්ලට Facebook හි, ශ‍්‍රී ලංකාවේ බලයලත් අලෙවි පාර්ශවකරු වන රෝ ඩිජිටල් හි, උප සභාපති (පාරිභෝගික සාර්ථකත්ව) උදාර ධර්මසේන මහතා, ගුඞ් මාර්කට් හි, සම-සමාරම්භක අචලා සමරදිවාකර මහත්මිය, කොමර්ෂල් බැංකුවේ රිටේල් ප‍්‍රඩක්ට් ඇන්ඞ් ඩිජිටල් චැනල් හි, ප‍්‍රධානී ප‍්‍රදීප් බන්දුවංස මහතා සහ කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ නිෂ්පාදන කළමනාකරණ ඒකකයේ කළමනාකරු, අසංක ක‍්‍රිෂාන් මහතා සහභාගී විය. කොමර්ෂල් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණ ඒකකයේ ප‍්‍රධාන කළමනාකරු මොහාන් ප‍්‍රනාන්දු මහතා මෙම වැඩසටහන මෙහෙයවන ලදී.

Visits: 47