EXPO ඉහළ යාමෙන් ASPI වාර්තා අලුත් කරයි

අද (අගෝස්තු 26) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතර එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කොටස් සඳහා පෙන්නුම් කළ ඉහළ ගැනුම්බරතාවත් සමගින්ම සියලු කොටස් මිල දර්ශකය (ASPI) මෙතෙක් වාර්තා කළ ඉහළම අගයට පත් වූ බව කොටස් තැරුව්කාර සමාගම් පවසයි.

එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම දිනය තුළ ඉහළ ගිය දර්ශකයේ ඒකක 164න් 105ක් සඳහා දායක වී ඇති අතර, එහි ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 36%ක් විය. එසේම තනි පුද්ගල ආයෝජකයන් තුළ බැංකු සහ අනෙකුත් විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් කොටස් සඳහා නැවුම් මිලදී ගැනීමේ උනන්දුවක් පෙන්නුම් කළ බවද තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,756.63ත් ඒකක 8,964.68ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,920.71ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 25) දිනයට සාපේක්ෂව ඒකක 164.08ක් එනම් +1.87%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව හැටන් නැෂනල් බැංකුව (නිෂ්ඡන්ද), හේලීස් පීඑල්සී, සණස සංවර්ධන බැංකුව තුළ සිදුවූ ගනුදෙනු පිරිවැටුමෙන් 2.3%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 98ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 102ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+105.3), හේලීස් පීඑල්සී HAYL (+22.64), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+19.73), සම්පත් බැංකුව SAMP (+7.71), හැටන් නැෂනල් බැංකුව HNB (+7.08), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-51.53), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-14.14), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-4.74), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-1.33), ජෝන් කීල්ස් හොටෙල්ස් පීඑල්සී KHL (-1.0යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,327.08ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 25දා) ‍ට සාපේක්ෂව ඒකක 143.55ක එනම් +4.50%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10.5ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 25දා) වාර්තා කළ රුපියල් බිලියන 7.3ට සාපේක්ෂව 44% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.98ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 34.25%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 120.9ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 359.69ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 238.79කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 37.85ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේලීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 16.32 කි. එසේම හැටන් නැෂනල් බැංකුව (නිෂ්ඡන්ද කොටද්) විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 113.09ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 3,815 සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 36%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ බැංකු අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,650ක සහ රුපියල් මිලියන 1,573ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 273