හරිස්චන්ද්‍ර මිල්ස් 2020/21 අවසන් ලාභාංශය රුපියල් 30.00 ක්ලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම (HARI.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා යළිත් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව දැනට නිකුත්කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 30.00 බැගින් ලාභාංශ ගෙවීමට පියවර ගන්නා බව එම සමාගම පවසයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බවද හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මීට පෙර පසුගිය ජූනි මාසයේදී හරිස්චන්ද්‍ර සමාගම එම මූල්‍ය වර්ෂය සඳහා වන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම සිදු කළ අතර, එහිදී කොටසකට රුපියල් 20ක් බැගින් ලබාදිම සිදු විය.

හරිස්චන්ද්‍ර සමාගමේ මෙම අවසන් ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 15 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශරහිත දිනය (XD Date) දිනය ලෙස සැප්තැම්බර් 27 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය වන බවත්, ඒ සඳහා වන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 25 වැනිදා පැවැත්වෙන බවත් හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 3,928.75ක් ලෙස සටහන්ව තිබුණි.

Visits: 139