SAMSUNG වසර 15 ක් අඛණ්ඩව ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ලෙස අභිසෙස් ලබයි

වෙළෙඳපොල පර්යේෂණ සමාගමක් වන ඔම්ඩියා (Omdia) සමාගමට අනුව, සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් අඛණ්ඩව 15 වන වරටත් ගෝලීය රූපවාහිනී වෙළඳපොලේ ඉහළින්ම වැජඹීමට සමත්ව සිටින බව පවසයි.

පෙබරවාරි 23 වන දින අලූතින් නිකුත් කරන ලද දත්තවලින් පෙන්වා දෙන්නේ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් 2020 හතරවන කාර්තුවේ ආදායමෙන් 31.8% ක ගෝලීය රූපවාහිනී වෙළෙඳපොළ කොටසක් අත්කර ගැනීමට සමත්ව ඇති බවයි. ඒ අනුව 2020 දී ආදායමෙන් 31.9%ක් වන විශාලතම වාර්ෂික වෙළෙඳපොළ කොටස එලෙසින්ම පවත්වා ගැනීමට ද සමාගමට හැකි විය.

Samsung හි Visual Display Business තුළ සැම්සුන්ග් අත්කර ගෙන ඇති වර්ධනයෙන් පෙන්නුම් කරන්නේ වේගයෙන් වර්ධනය වන QLED, අඟල් 75 ට වැඩි අතිවිශාල තිර කාණ්ඩයේ නායකත්වය, Lifestyle TV හඳුන්වා දීම හා පුළුල් කිරීම ආදිය සමඟින් නිවසේදී රූපවාහිනී නැරඹීමේ අත්දැකීමක් ලබා දීම සඳහා වූ කැපවීමයි. එමෙන්ම නව නිපැයුම් බිහි කිරීමට සැම්සුන් තුළ ඇති අඛණ්ඩ උත්සාහයට ස්තුතිවන්නට ක්ෂේත‍්‍රය, කාණ්ඩය හා නිෂ්පාදනය ආදියෙහි ප‍්‍රමුඛයා වීමට සැම්සුන්ග් සමාගමට හැකිව තිබේ.

සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් Visual Display Business හි සභාපති ජොං හී හෑන් මහතා පවසන්නේ ”පාරිභෝගිකයින් දිනපතා විනෝද වීමට, ආදරණීයයන් සමඟ සම්බන්ධ වීමට, වැඩ කිරීමට, නිවසේ සිට ව්‍යායාම කිරීමට සහ තවත් බොහෝ දේ කිරීමට තිර භාවිතා කරනවා. ඒවගේම විවිධ ජීවන රටාවන් සහ පුරුදු ක‍්‍රමයෙන් වර්ධනය වනවා පමණක් නොව එකට එක්වන ආකාරය ද අපි දැක තිබෙනවා. අපගේ දැක්ම සහ නිෂ්පාදන කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව අප ඉතා නිහතමානීව ආඩම්බර වන අතර පාරිභෝගිකයින්ගේ කාලීන අවශ්‍යතා සපුරාලන අතිනවීන නවෝත්පාදනයන් සහ උසස්ම මට්ටමේ තිර අත්දැකීමක් ලබා දීමට අපව නිරන්තරයෙන් දිරිමත් කරන්නේ එයයි.’’ යනුවෙන් පැවසුවේය.

පසුගිය වසර 15 මුළුල්ලේ, විවිධ කාණ්ඩවලට ව්‍යාප්ත වෙමින්, පුළුල් පාරිභෝගික පිරිසක් සදහා නවමු අත්දැකීමක් ලබා දෙන අතරතුර Samsung හි නවෝත්පාදනයන් මුල්කර ගත් ප‍්‍රවේශයන් අතිනවීන තාක්ෂණයන් බවට පරිවර්තනය වී තිබේ.

2021 දී සැම්සුන්ග් මූලිකව බලාපොරොත්තු වන්නේ නව නිෂ්පාදන හඳුන්වා දීම හා පුළුල් කිරීමත් සමඟම සියළුම රූපවාහිනී මාදිලි හරහා තාක්ෂණය සහ විශේෂාංග එක් කිරීමෙන් සිය වෙළෙඳපොළ නායකත්වය පවත්වා ගැනීමයි. මෙයට සැම්සුන්ග් හි නව Neo QLED මාදිලි පෙළ, සැම්සුන්ග් හි MICRO LED, Lifestyle TVs හා සමගින් සමාගමේ දිගු කාලීන තිරසාර වැඩසටහන් ඇතුළත් වේ. ඉදිරි වසර කිහිපය තුළදී, සැම්සුන්ග් R&D සහ නිෂ්පාදන ප‍්‍රවර්ධනය යන අංශ සඳහා අඛණ්ඩව ආයෝජනය කරනු ඇත.

Visits: 60