ESOFT International Campus ළඟදීම One Galle Face Business Tower හිදී විවෘත වේ

මෙරට පුද්ගලික උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ගුණාත්මකබව ඉහළ නංවන්නට විශාල දායකත්වයක් ලබා දෙන ESOFT සමූහය සිය සේවය තවත් පුළුල් කරමින් එළඹෙන 2021 සැප්තැම්බර් මාසයේදී කොළඹ One Galle Face (Shangri-La) Business Tower පරිශ්‍රයේදී ESOFT International Campus (EIC) විවෘත කිරීමට සූදානම් බව නිවේදනය කර සිටී.

නවීන ලෝකයට ගැලපෙන වෘත්තීය අවස්ථාවන් සඳහා දොරටු හැරදෙන උසස් අධ්‍යාපනයෙහි නව මං‍ මාවත් දේශීය මෙන්ම විදේශීය සිසුන් වෙතද විවෘත කරන්නට ESOFT සමූහය කැපවී සිටින්නේ දශක දෙකකටත් වැඩි කාලයක සිටය.

‍ලෝකයේ කීර්තිමත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සරසවියක සිසුන්ට හිමිවන පහසුකම් EIC සතුවන අතර, ඔවුන්ගේ උපාධි පාඨමාලාවන්හි පළමු හො දෙවැනි වර්ෂයන් අවසානයේ විදෙස් රටක සරසවියක් වෙත යෑමේ අවස්ථාවද හිමි වේ. දේශීය විශ්වවිද්‍යාලයකින් මෙතෙක් ලැබිය නොහැකි වූ උසස් අධ්‍යාපන අත්දැකීම් විඳගැනීමට අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා නිර්මාණයකර දෙන EIC විවෘත වීමත් සමගම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක තිබිය යුතු සියලුම පහසුකම් සහිත අධ්‍යාපනික පරිසරයක් සිසුන්ට හිමිවනු ඇත.

EIC සහ ලන්ඩන් නුවර කිංග්ස්ටන් විශ්වවිද්‍යාලය අතර ඇතිකරගෙන තිබෙන සහයෝගීතාවය සිසුන්ට ඉතාමත් වටිනා අධ්‍යාපන අවස්ථාවන් රැසක් හිමිකර දෙනු ඇත. ව්‍යාපාරකරණය, පරිගණක විද්‍යාව හා නීතිය වැනි උපාධි පාඨමාලාවන් හැදෑරීමටEIC සමග සම්බන්ධ වන සිසුන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා කිංග්ස්ටන් විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ කිරීමට කටයුතු කරයි. BSc (Hons) in Cyber Security and Digital Forensics, BSc (Hons) in Multimedia Technology, BSc (Hons) in Entrepreneurship and Innovation, BSc (Hons) in International Business, සහ LLB වැනි නූතන ලෝකයේ වෘත්තීය අවස්ථා වැඩියෙන්ම හිමිවන උපාධි පාඨමාලාවන්ගෙන් EIC විෂය මාලාවන් පරිපූර්ණය.

කොළඹ ගෝල්ෆේස් පිටිය ඉදිරියෙන් ඉන්දියන් සාගරයට මුහුණ ලා උසස් අධ්‍යාපන ආයතනයක පිහිටීමට සුදුසුම තැනක ESOFT International Campus (EIC) පිහිටා තිබෙන අතර, ජාත්‍යන්තර ප්‍රමිතියේ පුස්තකාල පහසුකම්, නවීන විද්‍යාගාර, නවීන තාක්ෂණ භාවිතාවන් සහ පුළුල් විනෝදාස්වාදන පහසුකම්වලින්ද එය සමන්විතය.

“ප්‍රායෝගික දැනුම සහිත ජාත්‍යන්තර පිළිගැනීම හිමිවූ උසස් අධ්‍යාපනයක් අපේ සිසුන් වෙත ලබා දීමයි අපට අවශ්‍ය. විශේෂයෙන්ම ලෝකයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කිංග්ස්ටන් සරසවිය සමග ගොඩනගාගත් සහයෝගීතාවයEICසිසුන්ට ඉදිරියේදී එක්සත් රාජධානිය තුල ඉගෙනුම් කටයුතු සිදුකරගෙන යාම ඉතාමත් පහසු කරනවා.”ESOFTසමූහයෙහි සභාපති ආචාර්ය. දයාන් රාජපක්ෂ මහතා සිය සමාගම් සමූහයේ නවතම පියවර සම්බන්ධයෙන් එසේ අදහස් දක්වා සිටියේය. 

කිංග්ස්ටන් විශ්වවිද්‍යාලය ඉහළ පිළිගැනීමක් ඇති නූතන පර්යේෂණ සිදුකරන විශ්වවිද්‍යාලයක් වශයෙන් ලෝකය පුරාම සුවිසල් කීර්තිනාමයක් හිමිකරගෙන සිටී. වසර 100කට වැඩි ඉතිහාසයක් සහිත කිංග්ස්ටන් විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයන් සමග සහයෝගීතාවයන්ට එළඹෙමින් ලොව පුරා විශාල සිසු පිරිසකට අධ්‍යාපන අවස්ථා හිමිකර දී තිබේ. ඊට සම්බන්ධව උසස් අධ්‍යාපනය හදාරණ සිසු පිරිස 20,000 ක් පමණ වේ. මෑතකදී නිකුත් කළ 2021Guardian University Guide ප්‍රකාශනයට අනුව එක්සත් රාජධානියෙහි විශිෂ්ටතම උසස් අධ්‍යාපන සරසවීන් 40 අතරට කිංග්ස්ටන් විශ්වවිද්‍යාලය ශ්‍රේණිගතව සිටියි.

EIC විසින් මේ වන විට 2021 සැප්තැම්බර් ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීම වෙනුවෙන් අයදුම්පත් භාරගනිමින් සිටී.වර්ෂයකට එක් බඳවා ගැනීමක් පමණක් සිදුකරන අතර, අදාල අයදුම් කිරීම් හැකි ඉක්මනින් සිදුකිරීම සිසුන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත. 0766 445 445 හෝ 0766 445 446 යන දුරකථන අංක ඇමතීමෙන් හෝwww.esoftinternational.com වෙත පිවිසීමෙන්මේ පිළිබඳව දැනුවත්විය හැකි අතර, ඒ සමගම ඔබගේ ජීවිතයේ ඉදිරි අනාගතය සාර්ථක කරන සාර්ථක අධ්‍යාපන ගමන්මගක ආරම්භය සටහන් කරගත හැකි වනු ඇත.

Visits: 54