Vega Innovations වෙතින් ETX නමින් විදුලි ත්‍රිරෝද රථයක්

මෙරට නිෂ්පාදිත පළමු විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථය ලෙස Vega EVX රථය ඉදිරිපත් කළ Vega Innovations සමාගම මගින් නවතම විදුලි ත්‍රිරෝද රථයක මූලාකෘතියක් හඳුන්වාදී ඇතැයි පවසයි.

ETX Platform 2022 ලෙස නම් කර ඇති මෙම නව හඳුන්වාදීම, අනාගතය සඳහා වන විදුලි නාගරික ප්‍රවාහන විකල්පය ලෙස ඉදිරිපත් කෙරී තිබේ.

ඉතාමත් ආරක්ෂාකාරී ලෙස, පරිසර හිතකාමී ලෙස මෙන්ම වඩාත් ආර්ථිකමය වාසිසහගත නාගරික ප්‍රවාහන ක්‍රමවේදයක් ලෙස මෙම නව පරම්පරාවේ ඉලෙක්ට්‍රික් ත්‍රීවිලර් රථය නිර්මාණය කර තිබෙන බව Vega Innovations සමාගම සඳහන් කරයි.

සාම්ප්‍රදායික ත්‍රීවිලර් රථයක මූලික පෙනුම අනුව යමින් නිෂ්පාදනය කෙරෙන මෙම ETX රථයේ තවත් සුවිශේෂී අංග රැසකි. මගී ආසනවලට අමතරව භාණ්ඩ ප්‍රවාහනය සඳහාද එහි ඉඩක් ඇත. වහලය මත සවි කර තිබෙන සූර්ය පැනල මගින් රථයට අවශ්‍ය බලය නිපදවයි. තවමත් මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව වැඩිදුර තොරතුරු Vega Innovations මගින් අනාවරණය කර නැත. 2022 වසරේදී මෙම ETX රථය නිල වශයෙ

මෙරට නිෂ්පාදිත පළමු විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථය ලෙස Vega EVX රථය ඉදිරිපත් කළ Vega Innovations සමාගම මගින් නවතම විදුලි ත්‍රිරෝද රථයක මූලාකෘතියක් හඳුන්වාදී ඇතැයි පවසයි.

ETX Platform 2022 ලෙස නම් කර ඇති මෙම නව හඳුන්වාදීම, අනාගතය සඳහා වන විදුලි නාගරික ප්‍රවාහන විකල්පය ලෙස ඉදිරිපත් කෙරී තිබේ.

ඉතාමත් ආරක්ෂාකාරී ලෙස, පරිසර හිතකාමී ලෙස මෙන්ම වඩාත් ආර්ථිකමය වාසිසහගත නාගරික ප්‍රවාහන ක්‍රමවේදයක් ලෙස මෙම නව පරම්පරාවේ ඉලෙක්ට්‍රික් ත්‍රීවිලර් රථය නිර්මාණය කර තිබෙන බව Vega Innovations සමාගම සඳහන් කරයි.

සාම්ප්‍රදායික ත්‍රීවිලර් රථයක මූලික පෙනුම අනුව යමින් නිෂ්පාදනය කෙරෙන මෙම ETX රථයේ තවත් සුවිශේෂී අංග රැසකි. මගී ආසනවලට අමතරව භාණ්ඩ ප්‍රවාහනය සඳහාද එහි ඉඩක් ඇත. වහලය මත සවි කර තිබෙන සූර්ය පැනල මගින් රථයට අවශ්‍ය බලය නිපදවයි.

තවමත් මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව වැඩිදුර තොරතුරු Vega Innovations මගින් අනාවරණය කර නැත. 2022 වසරේදී මෙම ETX රථය නිල වශයෙන් එළිදැක්වීම අරමුණ වී තිබේ.

Visits: 422