LMD ගෙන එන 2021 සඳහා වඩාත් ගෞරවයට පාත්‍ර වූ සමාගම් 10

මෙරට ජනප්‍රිය ව්‍යාපාරික සඟරාවක් වන LMD මගින් සෑම වසරකදීම ප්‍රකාශයට පත් කරන මෙරට වඩාත් ගෞරව බුහුමානයට පාත්‍ර වූ සමාගම් ඇතුළත් MOST RESPECTED ENTITIES IN SRI LANKA සඟරාවේ 2021 වසර සඳහා වන ප්‍රකාශනය ඉදිරියේදී එළිදැක්වීමට කටයුතු කරන බව පවසයි.

2021 PEER REVIEW Corporate Admiration Sri Lanka’s Watch List ලෙස මෙය නම් කෙරී තිබේ. සුප්‍රසිද්ධ NielsenIQ ආයතනය මගින් මෙරට සමාගම්හි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණවල ප්‍රතිඵල පාදක කරගනිමින් මෙම ප්‍රකාශනය ඉදිරිපත් කෙරී ඇත.

ඒ අනුව ප්‍රතිඵලවලට අනුව යමින් එම ප්‍රකාශනයේ ඇතුළත්ව ඇති ආකාරයට 2021 වසරේ වඩාත් ගෞරවයට පාත්‍ර වූ මෙරට ප්‍රධානතම සමාගම් 20 මොනවාද යන්න එළිදැක්වීමට LMD සඟරාව පසුගියදා කටයුතු යොදා ඇත.

එහිදී වඩාත් ගෞරවයට පාත්‍ර වූ සමාගම ලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පළමු ස්ථානයට පත්ව සිටින අතර එම සමාගම ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1,074 කි.

එසේම දෙවැනි ස්ථානය හේලිස් සමූහය වෙත හිමිව ඇති අතර, එම සමාගමේ ලකුණු සංඛ්‍යාව 580කි. තෙවැනි ස්ථානයට පත්ව ඇති MAS හෝල්ඩිංග්ස් සමාගම හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 577 කි.

මෙම වර්ගීකරණයේ පිළිවෙලින් සිව්වැනි සහ පස්වැනි ස්ථානවල පසුවන කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 367ක් සහ 355 කි. එසේම හයවැනි ස්ථානයේ පසුවන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ලකුණු 343ක් හිමි කරගෙන තිබේ.

මෙහිදී 2021 වසර සඳහා එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම හිමි කරගෙන ඇත්තේ ලකුණු 296කි. ඔවුන් හත්වැනි ස්ථානයේ පසුවෙයි. අටවැනි ස්ථානයට පත්ව ඇති සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ලකුණු 282ක් හිමි කරගෙන ඇත. සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම ලකුණු 250ක් හිමි කරගෙන නවවැනි ස්ථානයේ පසුවෙයි. ලකුණු 221ක් හිමි කරගෙන ඇති යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම 10 වැනි ස්ථානයට පත්ව ඇත.

11 වැනි සහ 12 වැනි ස්ථාන වෙත පත්ව සිටින බ්‍රැන්ඩික්ස් ලංකා සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම් පිළිවෙලින් ලකුණු 197ක් සහ 194ක් හිමි කරගෙන ඇත.

ඩිල්මා සිලෝන් ටී සමාගම 13 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 171 ක් ලබා ගනිමිනි. 14 වැනි ස්ථානයේ පසුවන හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ලකුණු 122ක් හිමි කරගෙන ඇත. වර්චුසා සමාගම ලකුණු 119ක් හිමි කරගනිමින් 15 වැනි ස්ථානයේ පසුවෙයි.

එසේම ලංකා බැංකුව ලකුණු 110ක් හිමිකරගනිමින් 2021 වසරේ වඩාත් ගෞරවයට පාත්‍ර වන මෙරට සමාගම් අතර 16 වැනි ස්ථානයට පත්ව තිබේ.

ලකුණු 88ක් හිමිකරගෙන ඇති ලංකා දුම්කොල සමාගම 17 වැනි ස්ථානයටත්, ලකුණු 85ක් රැස් කරගෙන ඇති ටෙලිකොම් සමාගම 18 වැනි ස්ථානයටත් පත්ව තිබේ. එසේම පිලිවෙලින් 19 වැනි සහ 20 වැනි ස්ථාන නවලෝක හොස්පිටල්ස් සහ ඩීසල් ඇන්ඩ් මෝටර්ස් ඉන්ජිනියරිං සමාගමටත් හිමිව ඇත. එහිදී එම සමාගම් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 83ක් සහ 78කි.

මෙලෙස 2021 වසර සඳහා වන ලංකාවේ වඩාත් ඇගයීමට පාත්‍ර වූ සමාගම්හි සම්පූර්ණ ලැයිස්තුව ඇතුළත් MOST RESPECTED ENTITIES IN SRI LANKA 2021 ප්‍රකාශනය නුදුරේදීම ඩිජිටල් සහ මුද්‍රිත ආකාරයෙන් එලිදක්වන බවත් LMD සඟරාවේ ප්‍රකාශකයන් වන මීඩියා සර්විසස් පබ්ලිකේෂන් සමාගම පවසයි.

Visits: 316