ARMX විසින් ජාත්‍යන්තර ආරක්ෂක නිලධාරීන්ගේ දිනය ශ්‍රී ලංකාවේදී පළමු වරට සමරයි

ශ්‍රී ලාංකීය පෞද්ගලික ආරක්ෂක සේවා සැපයීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වරට ARMX සිකියුරිටි සොලූෂන්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් (ARMX) සමාගම විසින් ජාත්‍යන්තර ආරක්ෂක නිලධාරීන්ගේ දිනය ශ්‍රී ලංකාවේදී අති උත්කර්ෂවත් ලෙස සමරන ලදී.

ලොව පුරා ආරක්ෂක සේවා සැපයීමේ ක්ෂේත‍්‍රයන්ගේ දැවැන්තයන් විසින් සිදු කරන ලද සැමරුම් උත්සවයන්ට සමගාමීව, ARMX විසින් ශ්‍රී ලංකාවට එකී සම්ප‍්‍රදාය හඳුන්වාදෙමින් ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව 2021 ජූලි 24 වැනි දින ජාත්‍යන්තර ආරක්ෂක නිලධාරීන්ගේ දින සැමරුම් උලෙළ සංවිධානය කෙරිණ.

සතියේ දින 7 පුරා 24 පැයේ දිවා ? වෙහෙසෙමින් ලොව පුරා රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන් සුරක්ෂිත කරමින් අඛණ්ඩව සේවයේ යෙදී සිටින ආරක්ෂක සේවා නිලධාරීන්ගේ මෙහෙවර අගය කරමින් ඔවුන් පිළිබඳ හෘද්‍යාංගම බවක් අදාල සේවා ස්ථානයන්ගේ හිමිකාර – සේවක පාර්ශ්වයන් තුළ ඇතිකරලීම මෙම සැමරුම් වැඩසටහනේ අරමුණ වේ.

ශ්‍රී ලංකා ජන සමාජයේ විරැකියාවට විසඳුමක් එක් කරමින් නුපුහුණු ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර ප‍්‍රමිතියේ විශේෂඥ පුහුණුව ලත් ආරක්ෂක සේවා වෘත්තිකයන් පිරිසක් බවට පත් කළ ARMX සිකියුරිටි සොලූෂන්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම විසින් පෞද්ගලික ආරක්ෂක සේවා වෘත්තිකයන් පිළිබඳ ශ්‍රී ලංකා ජනසමාජයේ ගෞරව ර්‍ණය පිළිගැනීමක් ඇතිකරන්නට සමත්ව සිටියි. ශ්‍රී ලාංකීය ව්‍යාපාර රැසක් සුරක්ෂිත කළ විශිෂ්ඨ ආරක්ෂක සේවාවක් සම්පාදනය කරමින් ගනුදෙනුකාරභවතුන්ගේ විශ්වාසය දිනාගත් ARMX ශ්‍රී ලංකාවේ වාණිජ ආරක්ෂක සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස කැපී පෙනෙයි.  “We succeed, when you succeed”තේමාව පෙරදැරිකරගනිමින් ගනුදෙනුකාරභවතුන්ගේ සාර්ථකත්වය ආයතනික සාර්ථකත්වය සේ සලකා සේවා සම්පාදනය කිරීමේ සේවා සංස්කෘතියක් ARMX තුළ ක‍්‍රියාත්මක වේ.

17 වසරකට අධික කාලයක් තුළ, අභියෝග රැසක් මැද ගනුදෙනුකාරභවතුන්ගේ ව්‍යාපාර අඛණ්ඩව සුරක්ෂිත කළ ARMXආරක්ෂක සේවා සැපයීමේ මෙහෙවර ඒ ඒ ව්‍යාපාර ක්ෂේත‍්‍රයන්ගේ ස්වභාවය අනුව විශේෂයෙන් සකස් කළ සේවා සැපයීමකි. දිවයින පුරා විවිධ ව්‍යාපාර ක්ෂේත‍්‍ර රැසක ගනුදෙනුකාරභවතුන් 200 කට අධික ප‍්‍රමාණයකට 800 කට අධික උත්සව හා විශේෂ අවස්ථා රැසකට ARMX ආරක්ෂක සේවාව හිමිව තිබේ.

ARMX ශ්‍රී ලංකා ආයතනයේ නිර්මාතෘ ජනක බටවලගේ මහතා ජාත්‍යන්තර ආරක්ෂක නිලධාරීන්ගේ දිනය ශ්‍රී ලංකාවේදී සැමරීම පිළිබඳ අදහස් දක්වමින්“ඔබ යම් ආයතනයක ප‍්‍රධාන විධායක නිලධාරියා වූවත් ආරක්ෂක සේවා නිලධාරියා වූවත් විශේෂයයෙන්ම මතක තබාගත යුතු දේ වන්නේ දෙදෙනාම තමාගේ රැකියාව හරහා උත්සාහ කරන්නේ තමාගෙන් යැපෙන පවුලේ ආදරර්‍ණයන්ගේ කුසගිනි නිවා ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමක් බවයි. ජූලි 24 දිනට යෙදෙන ජාත්‍යන්තර ආරක්ෂක සේවා නිලධාරීන්ගේ සේවය අගයන සැමරුම් දිනයේ වටිනාකම තේරුම් ගනිමින්, ශ්‍රී ලංකාවේ සෑම ව්‍යාපාරික ආයතනයකදීම එම සැමරුම් දිනය ඉදිරියේදී ක‍්‍රියාත්මක වේවි කියලා අපි බලාපොරොත්තුවෙනවා.”යැයි පැවසීය.

Visits: 34