OPPO වෙතින් වඩාත් දියුණු හා සුරක්ෂිත Flash Charging ක්‍රමයක්

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග සන්නාමයක් වන OPPO විසින් පසුගියදා ‘Flash Charging තාක්ෂණයේ මීළඟ අදියර කුමක්ද?’ (What’s Next for Flash Charging?)යන තේමාව යටතේ OPPO Flash Charge Open Day වැඩසටහන පවත්වන ලද බව පවසයි.

එහිදී අධිවේගී ආරෝපණ තාක්ෂණයන් සම්බන්ධයෙන් OPPO සිදුකරමින් සිටින පර්යේෂණ වල නවතම ප්‍රතිඵල එළිදැක්වීම සිදුවිය.

“VOOC Flash Charge පද්ධතිය වැඩිදියුණු කිරීමේදී එහි චාජින් ඇඩැප්ටරය, චාජින් කේබලය, PMIC, බැටරිය සහ අනෙකුත් කොටස් සියල්ල සම්බන්ධ වැඩිදියුණු කිරීම් සිදුකර තිබෙනවා. පාරිභෝගිකයන් මෙම තාක්ෂණයේ රැහැන් රහිත ආරෝපණ ක්‍රමවේදය සහ රැහැන් සහිත ආරෝපණ ක්‍රමවේදය යන දෙකෙන් කුමන ක්‍රමය තෝරාගත්තත් ඒ සියල්ල වැඩිදියුණු කර ඇත්තේ, ඕනෑම තත්ත්වයක් යටතේ ඉලෙක්ට්‍රොනික උපාංග ආරෝපණය කිරීමේදී මතුවන පුළුල් පරාසයක අවශ්‍යතා සපුරාලන ආකාරයටයි.” යනුවෙන් OPPO VOOC Flash Charge සම්බන්ධ ප්‍රධාන විද්‍යාඥ Jeff Zhang මහතා පැවසී ය.

Flash Charge තාක්ෂණය වැඩිදියුණු කිරීමේදී OPPO සෑම විටම කාර්යක්ෂමතාවට හා ආරක්ෂාවට මුල්තැන දෙයි. මෙම සංකල්පය පදනම් කරගනිමින් OPPO ආරක්ෂාව සම්බන්ධ පංචවිධ ආරක්ෂක පද්ධතියක් හඳුන්වා දී ඇති අතර, නව අමුද්‍රව්‍ය, නව algorithms, ආරෝපණ සැලසුම් සහ අනෙකුත් සාධක සම්බන්ධයෙන්ද නිරන්තරයෙන් අත්හදා බැලීම් සිදුකරමින් සිටී.

Flash Charge තාක්ෂණයේ පංචවිධ ආරක්ෂක පද්ධතියට අයත් විලායකය (Fuse) විදුලි ධාරාව සම්බන්ධ අසාමාන්‍යතාවක් ඇතිවන ඕනෑම අවස්ථාවකදී ක්ෂණිකව දැවී ගොස් සම්බන්ධතාව විසන්ධි කරයි. මෙහි ඇති Gallium Nitride (GaN) ස්විච, සාම්ප්‍රදායික සිලිකන් ස්විච වලට වඩා වේගවත් වන අතර වඩාත් විශ්වාසදායීද වේ.

A-series bi-cell බැටරිය විදුලි ධාරාව සහ තාප ජනනය අවම කරන අතරම නොවෙනස් බලයක් ලබාදෙයි. OPPO සතු embedded AI algorithms තාක්ෂණයක් වන Battery Safety Detection Chip වලට වෝල්ටීයතා අඩුවීම් ක්ෂණිකව හඳුනාගෙන, බැටරි වලට බාහිර හානි සිදුවී ඇත්දැයි හඳුනා ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම නවතම composite current collector භාවිතයෙන් Composite Structure Safety බැටරියක් නිර්මාණය කිරීමටද OPPO සමත් වී තිබේ.

මීට අමතරව, සිය නවතම Smart Charging තාක්ෂණය එළිදැක්වීමටද OPPO මෙහිදී කටයුතු කළේ ය. ආරෝපණ වේගය වඩාත්ම ආරක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීම සඳහා, විවිධ ආරෝපණ තත්ත්වයන් අනුව එම වේගය අඩු වැඩි කිරීමට මෙම තාක්ෂණයට හැකියාව ඇත. VOOC Flash Charge තාක්ෂණය වඩාත් සුරක්ෂිත හා සුහුරු කිරීමට අමතරව, අධික ශීතල පරිසරයන් වැනි විශේෂ තත්ත්වයන් තුළ පවා අධිවේගී ආරෝපණය කාර්යක්ෂම ලෙස පවත්වාගත හැකි ක්‍රමවේදයන් හඳුනා ගැනීම සඳහා OPPO දිගින් දිගටම පර්යේෂණ සිදුකරමින් සිටී.

2014 වසරේ VOOC Flash Charge තාක්ෂණය හඳුන්වා දීමේ සිටම, ආරක්ෂාව, කාර්යක්ෂමතාව හා භාවිතා කිරීමේ පහසුව වැනි ප්‍රධාන සාධක ඔස්සේ එම තාක්ෂණය ක්‍රමක්‍රමයෙන් වැඩිදියුණු කිරීමට OPPO පර්යේෂණ හා සංවර්ධන අංශය කටයුතු කර තිබේ.
2021 ජූනි 30 දින වනවිට මෙම තාක්ෂණයට අදාළව OPPO විසින් පේටන්ට් බලපත්‍ර ඉල්ලීම් 3,000 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබිණි. 2021 වසරේදී OPPO සිය නවතම වැඩසටහන වන ‘The Flash Initiative’ ආරම්භ කළ අතර, ඒ ඔස්සේ තමන් සතු VOOC තාක්ෂණය රථවාහන, පොදු අවකාශයන් සහ විවිධ උපාංග තුළ ඇති චිප්ස් ආදිය සඳහා හඳුන්වා දීමට සමාගම අපේක්ෂා කරයි.

Visits: 90