නව ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත ගැසට් කිරීමට අනුමැතිය

මෙරට ඛනිජ තෙල් හා වායු ගවේෂණය හා නිෂ්පාදනය සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති නව ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි රජය පවසයි.

අද දිනයේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි. නීතිපතිතුමාගේ නිෂ්කාශනය ඒ සඳහා ලැබීමත් සමගින්ම මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත.

ඒ අනුව මෙම නව ඛනිජ තෙල් සම්පත්පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුව සඳහා ඉදිරිපත් කිරීමේ යෝජනාවද මෙහිදී අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ ඛනිජතෙල් හා වායු ගවේෂණ හා නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුළත්ව 2003 අංක 26 දරන ඛනිජතෙල් සම්පත් පනත අහෝසි කරමින් නව පනතක් සම්පාදනය කිරීම සඳහා 2021 ජනවාරි මස 25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම නව ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සකස් කර තිබේ.

Visits: 273