JAT Holdings මූලික කොටස් නිකුතුව හෙට (20දා) ඇරඹේ

ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගමේ මූලික කොටස් නිකුතුව හෙට (20දා) ආරම්භවීමට නියමිතව තිබේ.

බොහෝ දෙනෙකු තුළ විශාල උනන්දුවක් ඇතිකළ මෙම කොටස් නිකුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම එකතුවක් හිමි සමාගමක ආයෝජනය කරමින් ප්‍රතිලාභ රාශියක් හිමිකරගැනීම සඳහා ආයෝජකයන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බව JAT Holdings පවසයි.

අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව සහිත, වර්ධනය ඉලක්ක කරගත් සමාගමක් ලෙස, ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු වෙළඳපොළ තුළද කැපීපෙනෙන ප්‍රගතියක් ඉක්මනින් අත්පත් කරගැනීමට JAT Holdings සමත් වී තිබේ.

CAL සමාගම සහ NDB Investment බැංකුව මගින් කළමනාකරණය කරනු ලබන JAT Holdings හි මූලික කොටස් නිකුතුව තුළදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 82,904,846 ක් නිකුත් කෙරෙනු ඇති අතර, එම කොටසක මිල රු. 27ක් ලෙස දැක්වේ.

Visits: 157