HNB වෙතින් Pink Drives කාන්තා රියදුරන්ට ලීසිං සඳහා විශේෂ වරප්‍රසාද

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුව වන HNB, කාන්තා රියදුරන් සහ මගීන් සවිබල ගැන්වීම සඳහා  ride-sharing (තම පුද්ගලික වාහනය කුලී රථයක් සේ භාවිතා කළ හැකි) යෙදවුමක් වන Pink Drives සමඟ අත්වැල් බැඳගත් අතර එමගින් කාන්තා රියදුරන්ට විශේෂ අඩු පොලී අනුපාත යටතේ ලීසිං, රක්ෂණ සහ කාඩ්පත් පැකේජ සඳහා අවස්ථාව ලබා දෙයි.

“මෙමගින් කාන්තාවන්ට සහ ළමයින්ට ආරක්ෂිත හා වඩා පහසු ප්‍රවාහන ක්‍රමයක් සැලසෙන අතර, කාන්තාවන් සවිබල ගැන්වීමේ පුරෝගාමී මෙහෙවරට Pink Drives සමඟ හවුල් වීමට සහ සහයෝගය දැක්වීමට හැකිවීම ගැන HNB අප ආඩම්බර වනවා” යැයි HNB ලීසිං ප්‍රධානී නිලූක අමරසිංහ මහතා පැවසීය.

Pink Drives රියදුරන්ට විශේෂ අඩු පොලී ලීසිං පහසුකම් වලට අමතරව, නොමිලේම රු. මිලියන 4.5 ක් දක්වා වන ජීවිත රක්ෂණයක් සහ රු. 600,000 ක ස්වාභාවික මරණ රක්ෂණක් මෙන්ම පළමු වසරේ වාර්ෂික ගාස්තුව නිදහස් ප්‍රෙස්ටීජ් ප්‍රයිම් ක්‍රෙඩිට් කාඩ්පතක් ද හිමි වනු ඇත. හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් විවෘත කර පවත්වා ගෙනයන කාන්තාවන්ට මෙම Pink Drives (ride-sharing platform) වේදිකාවට පිවිසිය හැකිය.

Pink Drives පුද්ගලික සමාගමේ නිර්මාතෘ /ප්‍රධාන විධායක නිලධාරී ෂොහාන් කුලසූරිය මහතා අදහස් දක්වමින් “ආකර්ෂණීය පොලී අනුපාත සහ ප්‍රතිලාභ සමඟින් අපගේ රියදුරන්ට, වඩා පහසු ලීසිං පහසුකම් ලබා දීමට HNB සමඟ හවුල් වීමට හැකිවීම ගැන අප අතිශයින් සතුටු වෙනවා. අපගේ සේවාවන් මගින් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමයින්ට ඔවුන්ගේ ගමනාන්තයට ආරක්ෂිතව ගමන් කිරීමේ පහසුකම ලබාදීමට අමතරව කාන්තා රියදුරන්ට කරදරයකින් තොර රැකියා ක්‍රමයක් ලබා දීමත් අරමුණු කර ගෙන තිබෙනවා” යනුවෙන් පැවසුවේය.

Pink Drives යනු කාන්තා හා ළමයින් සඳහා වන ශ්‍රී ලංකාවේ පළමු සහ එකම කාන්තාවන් විසින් පදවන කුලී රථ සේවාවයි. මෙම සේවාව මගින් කාන්තාවන් සවිබල ගන්වන අතර ආරක්ෂිත හා පහසු ගමන් බිමන් සඳහා සමාගම නවීන තාක්ෂණය උපයෝගී කර ගනී. මෙම සේවාව දැනට කොලඹ හා තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී අනෙකුත් ප්‍රදේශවලද ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

ඡායාරූපය: (වමේ සිට) HNB ලීසිං විධායක – ව්‍යාපාර සංවර්ධන, මහේෂ් රත්නායක, HNB ලීසිං සහකාර කළමනාකාර, රොෂාන් ද සිල්වා, HNB ලීසිං ප්‍රධානී, නිලුක අමරසිංහ, HNB පුද්ගලික මූල්‍ය සේවා ප්‍රධානී, කාංචන කරුණාගම, HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, Pink Drives පුද්ගලික සමාගමේ නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී, ෂොහාන් කුලසූරිය, Pink Drives පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ලිස්විත් ඔබිනමුනි සහ Pink Drives පුද්ගලික සමාගමේ මෙහෙයුම් ප්‍රධානී, ශානි මදුරංගි යන මහත්ම මහත්මීන් උත්සවයේ දී.

Visits: 45