WINDFORCE LIMITED නිල වශයෙන් WINDFORCE PLC වෙයි

මෙරට මුල් පෙළේ පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම මින් ඉදිරියට සීමාසහිත පොදු සමාගමක් (PLC- Public Limited Company) බවට පත්වන බව එම සමාගම පවසයි.

සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් මෙලෙස එම සමාගම Limited හි සිට Public Limited Company ලෙස වෙනස් කෙරෙන බව සඳහන් වෙයි. ලියාපදිංචි අංක PQ 00234079 යටතේ මේ කටයුතු සිදුව තිබේ.

අද වනවිට කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් සමාගම (WIND.N0000) එම ලැයිස්තුගත කිරීම සිදු වූ 2021 අප්‍රේල් 21 වැනිදා සිට මාස තුනක කාලයක් ඇතුළතදී මෙලෙස සීමාසහිත පොදු සමාගමක් බවට පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව දැනුවත් කරමින් එම සමාගම ලිපියක් මගින් මේ පිළිබඳව සඳහන් කර සිටියි. ඒ අනුව මින් ඉදිරියට කොළඹ කොටස් හුවාමරුවෙහි වෙබ් අඩවියෙහි එම සමාගමේ නම WINDFORCE PLC ලෙස වෙනස් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි.

Visits: 254