කොළඹ කොටස් හුවමාරුව ASPI දර්ශකය ගණනය කිරීමේ ක්‍රමවේදය සමාලෝචනය කිරීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය නැවත සලකා බැලීම සඳහා එහි බලධාරීන් තීරණය කර ඇතැයි පවසයි.  

මෙය වෙළෙඳපොළෙහි මිල ගණන්වල චලනය වීම වඩා හොදින් දර්ශකය මඟින් නිරුපනය කිරීමට අවකාශය සලසා ගැනීමක් බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

“දර්ශකයෙහි චලනය වීම ඒ සඳහා ලැයිස්තුගත සමාගම්හි මහජන අයිතිය අතර පවතින සම්බන්ධය නීර්ණය කිරීම සඳහා, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය නැවත සලකා බැලීමට කොළඹ කොටස් හුවමාරුව (CSE ) විසින්  තීරණය කර ඇත.“ එහි සඳහන් වෙයි.

විශේෂ‍යෙන්ම අවම මහජන අවශ්‍යතා සඳහා අනුකූල නොවීම හේතුවෙන් දෙවන පුවරුවට මාරු කරනු ලබන  ලැයිස්තුගත සමාගම්වල සුරැකුම්පත්වලට අදාළ බලාත්මක කිරීමේ නීති ද කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් සමාලෝචනය කරනු ඇත. එය සිදු කරනු ලබන්නේ එවැනි සමාගම් අධික කාලයක් එකී පුවරුවේ රැඳී සිටීම අධෛර්යමත් කිරීමේ අරමුණ ඇතිව බවත් කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 295