කොමර්ෂල් බැංකුවෙන් ඩර්ඩන්ස් රෝහලට පොයින්ට්-ඔෆ්-සේල් උපාංගයක්

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ ගැනුම්කරුවන්ට ඉතාමත් ආරක්ෂාකාරීව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට හැකි ටැප්-ඇන්ඞ්-ගෝ සහ ස්කෑන්-ඇන්ඞ්-පේ ඇතුළු සියළු පහසුකම් එක් යන්ත‍්‍රයක තිබෙන ඇන්ඩ්‍රොයිඞ් සවිබලයෙන් යුක්ත පොයින්ට්-ඔෆ්-සේල් පර්යන්ත කොමර්ෂල් බැංකුව විසින් ස්ථාපිත කර තිබේ. 

මෙම නව උපකරණ මගින් එක් යන්ත‍්‍රයක් මගින් LANKAQR යටතේ QR-කේතය පදනම් කරගත් වොලට් ගෙවීම් සහ ආරක්ෂාකාරී Near Field Communication (NFC) තාක්ෂණය ගැනුම්කරුවන්ට සිය පරිශ‍්‍රය තුළදී ලබාදෙන අතර ඒ තුළින් යන්ත‍්‍ර අවම වශයෙන් ස්පර්ශ කරමින් ආරක්ෂාකාරීව ගෙවීම් කිරීමට අවස්ථාව උදාකර ඇත. 

කොමර්ෂල් බැංකුව විසින් ඩර්ඩන්ස් රෝහල් පරිශ‍්‍රය තුළ ස්ථාපිත කර තිබෙන පොයින්ට්-ඔෆ්-සේල් උපකරණ මගින් වීසා, මාස්ටර්කාඞ්, යුනියන්පේ, ලංකාපේ සහ JCB කාඞ්පත් ගනුදෙනු මෙන්මLANKAQR යටතේ QR කේතය පදනම් කරගත් වොලට් ගනුදෙනු කිරීමටද අවස්ථාව තිබේ. මෙමගින් ගනුදෙනුකරුවන්ට තදබදයකින් තොර මුදල් නොවන ගනුදෙනු කිරීමට අවස්ථාව ලබාදෙන අතර මුදල් කවුන්ටර්වල රැඳී සිටීමේ කාලය විශාල ලෙස අඩුකරනු ඇත.

බැංකුව සඳහන් කරන්නේ මෙම උපකරණ මගින් EMV/Chip, Magstripe, NFC සහ QR- කේතය පදනම් කරගත් ගනුදෙනු පිළිගන්නා නිසා තමන්ගේ කැමැත්ත පරිදි ඉක්මනින් සහ ආරක්ෂාකාරීව ගෙවීම් කිරීමේ අවස්ථාව ලබාදෙන බවයි.  කාන්දම් තීරු භාවිතා කරන කාඞ්පත් වලට වඩා NFC තාක්ෂණයෙන් යුක්ත කාඞ්පත් වඩාත් ආරක්ෂාකාරී වන අතර මෙම කාඞ්පත් තුන්වන පාර්ශවයක් අතට ලබාදීමට සිදු නොවන හෙයින් එහි ආරක්ෂාව තවදුරටත් තහවුරුවේ.

Visits: 42