‘DFCC ගරුසරු විශ්‍රාම ප්‍රණාම’, DFCC බැංකුවෙන් රජයේ විශ්‍රාමිකයන්ට විශේෂ online වැඩසටහනක්

ජනතාවට සේවය කිරීම උදෙසා තම දිවිය කැපකළ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සියලුම දෙනාට උපහාර පිදීමක් වශයෙන් සුවිශේෂී online වැඩසටහනක් සංවිධානය කිරීමට DFCC බැංකුව කටයුතු යොදා තිබේ.

‘DFCC ගරුසරු විශ්‍රාම ප්‍රණාම’ ලෙස මෙම වැඩසටහන නම්කර ඇති අතර, දැනට රටේ පවතින COVID-19 තත්වය හේතුවෙන් තම නිවෙස් වල සිටම එම වැඩසටහනටonline තාක්ෂණය හරහා සම්බන්ධ වීමට විශ්‍රාමිකයන්ට අවස්ථාව ලබාදෙනු ඇත.

විශ්‍රාමිකයන්ගේ යහපත ඉලක්ක කරගත් විශේෂාංග රැසක් මෙම සුවිශේෂී වැඩසටහනට ඇතුළත් වී තිබේ. විශේෂඥ වෛද්‍යවරයෙකු වෙතින් වැදගත් හා කාලීන සෞඛ්‍ය උපදෙස්, රටේ ජනප්‍රිය රංගන ශිල්පීන් දායක වන හාස්‍යෝත්පාදකකෙටි නාට්‍යයක්,සහ DFCC ගරුසරු පුද්ගලික ණය යෝජනා ක්‍රමය පිළිබඳ හැඳින්වීමක් ඇතුළු විශේෂාංග රැසක් මෙහිදී විකාශය කෙරෙනු ඇත.

2021 ජූලි 11 දින පෙරවරු 10.00 සිට පැය එකහමාරක කාලයක් පුරා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනටYouTube Live ඔස්සේ නොමිලේ සහභාගී විය හැකි වේ. මීට සහභාගී වීමට බලාපොරොත්තු වන විශ්‍රාමිකයන් 0112350000 අංකය අමතා ලියාපදිංචි විය යුතු අතර එවිට ඔවුන්ට වැඩසටහනට එක්විය හැකි සබැඳිය (Link) ලැබෙනු ඇත.

‘DFCC ගරුසරු ණය යෝජනා ක්‍රමය’ යනු, රජයේ සේවයෙන් විශ්‍රාම ගත් පුද්ගලයන් වෙනුවෙන්ම සැලසුම් කළ ණය යෝජනා ක්‍රමයකි. මෙමගින් රු. මිලියන 3 ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර, ආපසු ගෙවීම සඳහා වසර 10 ක කාලයක් හිමි වේ. අවම පොලී අනුපාත සහ කාර්යක්ෂම පාරිභෝගික සේවාවක් සමගින් වඩාත් පහසුවෙන් මෙම ණය පහසුකම ලබාගැනීමට විශ්‍රාමිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

‘DFCCගරුසරු’ සේවා එකතුවේ කොටසක් වශයෙන්, ආරම්භක තැන්පතුව ලෙස රු. 1,000/- ක මුදලක් සහිත DFCCගරුසරු ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දී තිබේ. මෙම ගිණුමෙහි ඉතුරුම් සඳහා ඉහළ පොලියක් පිරිනැමීමට අමතරව, සෞඛ්‍ය සේවාවන් ඇතුළු තවත් බොහෝ සේවාවන් සඳහා ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී වට්ටම් සහ වවුචර් පත් ආදිය ලබාදීමටද DFCC බැංකුව කටයුතු යොදා ඇත.

ලියාපදිංචිවීම සඳහා : https://docs.google.com/forms/d/e/1FAIpQLSel8j-DA10au3NdIbgy7O-0LLL3RB8sjM8n1_oo-QkWPYeKAQ/viewform වෙත පිවිසෙන්න

Visits: 51