වරාය නගරය සහ ආයෝජන මණ්ඩලය බැසිල් රාජපක්ෂ යටතට?

ඉදිරි සතියේදී ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයද පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද පළ කෙරුණු ඉරිදා ලංකාදීප පුවත්පත තුළ මේ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත්ව තිබේ.

මේ අතරින් කොළඹ වරජය නගරය අගමැති මහින්ද රාජපක්ෂ පමහතා අමාත්‍ය ධුරය හොබවන නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන ඩිජිටල් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේද දැනට පවතී.

බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ලබන බ්‍රහස්පතින්දා (08දා) දිවුරුම් දීමට නියමිත අතර, ඔහු එදින හෝ ඊට පසු දින ආර්ථික සංවර්ධන සහ මුදල් රාජ්‍ය ඇමතිවරයා වශයෙන් දිවුරුම්දීමට නියමිතව ඇතැයි පුවත්පත පවසයි. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර ජනාධිපතිවරයා වූ පැවැති රජයේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළේද බැසිල් රාජපක්ෂ මහතාය.

Visits: 924