කලම්බෝ කිංග්ස් සහ දඹුල්ල වයිකිං කණ්ඩායම් හිමිකාරීත්වයේ වෙනසක්

තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව ඇති ලංකා ප‍්‍රිමියර් ලීග් දෙවැනි අදියරේ ආරම්භය ආසන්නයේදී කළම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම් හිමිකාරීත්වයේ වෙනස් සිදු කිරීමට මෙම තරගාවලියේ නිල හිමිකාරීත්වය සහිත IPG සමාගම තීරණය කර ඇතැයි පවසයි.

මෙම කණ්ඩායම් දෙකෙහි හිමිකාරීත්වය ගිවිසුම් ප‍්‍රකාරව කටයුතු නොකිරීම් සහ තරගාවලියේ අනුකූලතාවන් පැහැර හැරීම නිසා කළම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම් හිමිකාරීත්වය නව පාර්ෂවයන් වෙත පැවරීමට IPG සමාගම බලාපොරොත්තු වේ. 

2020 සිට 2024 වර්ෂය සඳහා ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙහි නිල හිමිකාරීත්වය දරණ IPG සමාගම කළම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම් සඳහා නව හිමිකරුවන් ලබා දීම සඳහා කටයුතු ආරම්භ කර ඇත.

මේ අනුව කණ්ඩායම් හිමිකාරීත්වය තෝරා ගැනීම සඳහා බලයලත් ආයතනය ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නම් කර ඇති අතර මෙම තෝරා ගැනීම පූර්ණ විනිවිද බවකින් යුක්තව පැවැත්වෙනු ඇත.

IPG ආයතනය සඳහන් කරන ආකාරයට දැනටමත් මේ සඳහා උනන්දුවක් දක්වන පාර්ෂව රැසක් සිය අනුකූලතාව දක්වා ඇති බව පැවසේ.

Visits: 249