රට තුළ විදේශ මුදල් සංචිත ආරක්ෂා කිරීමට අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අද වනවිට විනිමය අනුපාතයට එල්ල වී ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීමට සහාය වීම සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කරගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින් අද දිනයේදී අංක 2231/49 දරන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ බව රජය පවසයි.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ මෙම නියමය නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව විදෙස් රටක වෙසෙන විගාමිකයෙකුට ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් 2021 ජුලි 02 වැනිදා සිට ආරම්භවන මාස හයක කාලයක් සඳහා අත්හිටුවීම්/සීමා කිරීම් ක්‍රියාත්මක වන බව මහ බැංකුව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම සම්පූර්ණ නිවේදනය මෙසේය.

Visits: 391