OPPO තම AR යෙදුම වන CybeReal තවදුරටත් වැඩිදියුණු කරයි

සජීවී, අවකාශීය පරිගණක තාක්ෂණයෙන් බලගැන්වෙන තම AR යෙදුම වන CybeReal තවදුරටත් වැඩිදියුණු කර හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළ බව පවසයි.

මේ ඔස්සේ OPPO තමන් සතු AI Engine භාවිතයෙන් Augmented Reality සංකල්පය නව මානයකට රැගෙන යාමට සමත් වී ඇත. AR නිර්මාණකරණය හා අත්දැකීම සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය වඩාත් යථාරූපී හා පහසු කිරීමට OPPO CybeReal සමත් ය. මෙම සුවිශේෂී AR අත්දැකීම දැන් OPPO intelligent Flagship Stores හිදී පාරිභෝගිකයන්ට අත්විඳිය හැකි වේ.

සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අනුව ඩිජිටල් ලෝකයන් නිර්මාණය කිරීමට වෘත්තීය මට්ටමේ උපාංග සහ විශේෂඥ දැනුමක් අවශ්‍ය ය. එහෙත් ඉතාමත් පහසු, කාර්යක්ෂම හා නවමු ක්‍රමවේදයන් ඔස්සේ OPPO CybeReal මෙය ඉතාමත් පහසු කරයි. එමගින් දැන් ප්‍රථම වරට OPPO කාර්ය මණ්ඩලයට, කිසිදු විධිමත් පුහුණුවකින් තොරව, ස්මාර්ට් දුරකථන ඔස්සේ තම අලෙවිසැල් අභ්‍යන්තරයන් ස්කෑන් කර ඩිජිටල් ප්‍රතිනිර්මාණයන් සිදුකිරීමට හැකි වී තිබේ.

නිරන්තරයෙන් දියුණු වෙමින් පවතින AI Engine මගින් බලගැන්වෙන මෙම යෙදුමට, දැවැන්ත ප්‍රදර්ශනාගාර අභ්‍යන්තරයන් සම්බන්ධ අවශ්‍ය දත්ත රැස් කරගෙන, පැය කිහිපයක් තුළ ත්‍රිමාණ ප්‍රතිනිර්මාණයක් සිදුකිරීමේ හැකියාව ඇත. මෙයට මූලික වී ඇති AI පදනමට, පැයකට ස්කෑන් කළ ඡායාරූප 12,000 ක ප්‍රමාණයක් පිරිසැකසුම් කිරීමට හැකි වේ. අභ්‍යන්තරය ස්කෑන් කිරීමෙන් අනතුරුව,මෙම යෙදුම ඉතා කෙටි කාලයකින් අතිශය නිවැරදි හා සජීවී ත්‍රිමාණ ප්‍රතිනිර්මාණයක් බිහිකරයි. OPPO හි AR සංස්කරණ මෙවලම මගින් කාර්ය මණ්ඩලයට අවශ්‍ය පරිදි මෙය සංස්කරණය කළ හැකි වේ.

OPPO හිමිකම් දරන RLOCS (Retrieval and Localization with Observation Constraints) visual positioning algorithm මගින් ඉතා සියුම් මට්ටමක් දක්වාම අභ්‍යන්තර ස්ථානගතකරණය නිවැරදිව සැකසීමේ හැකියාව පවතී. Department of Intelligent Perception and Interaction හි තාක්ෂණ කණ්ඩායම මගින් මෙම algorithm නිර්මාණය කර ඇති අතර,විද්වත් සමාජය තුළ දැනටමත් එය පුළුල් පිළිගැනීමකට ලක්වී ඇත. 2020 වසරේ European Conference on Computer Vision (ECCV) හිදී සහ Computer Vision and Pattern Recognition Conference (CVPR2020) හිදී Long-term Localization කාණ්ඩය යටතේ දෙවන ස්ථානය සඳහා වන සම්මාන 2 ක් දිනාගැනීමට එම කණ්ඩායමට හැකියාව ලැබිණි.

වඩාත් පරිපූර්ණ AR අත්දැකීමක් ලබාදීම සඳහා OPPO විසින් 6DoF pose estimation ක්‍රමවේදය භාවිතා කරනු ලබයි. එමගින් නරඹන්නාට ඕනෑම ඉරියව්වක් හා කෝණයක් ඔස්සේ අදාළ නිර්මාණය නැරඹිය හැකි වේ. නරඹන්නාට අවශ්‍ය නම් නිර්මාණය වටා සක්මන් කිරීම, උඩින් බැලීම හෝ යට සිට ඉහළ බැලීම කළ හැකි අතර, එලෙස විවිධ ඉරියව් ඔස්සේ වඩාත් පූර්ණ ලෙස ත්‍රිමාණ ප්‍රතිනිර්මාණය අත්විඳිය හැකි වේ.

සමස්තයක් ලෙස ගත්විට, වැඩිදියුණු කළ OPPO CybeReal විවිධ AR සේවාවන් සහ භාවිතාවන් වඩාත් කඩිනම් කිරීමට දායක වනු ඇත. එමගින් AR නිර්මාණ සිදුකිරීම වඩාත් කාර්යක්ෂම හා පහසු වන අතර, AR අත්දැකීම වඩාත් පරිපූර්ණ බවට පත්කරයි. ඒ අනුව එය AR අත්දැකීම එදිනෙදා ජීවිතයේම කොටසක් බවට පත්කිරීමට උපකාරී වනු නිසැක ය.

මේ වනවිට OPPO සතු Beijing Wukesong සහ Guangzhou Zhengjia Plaza ප්‍රධාන ප්‍රදර්ශනාගාර වලදී පාරිභෝගිකයන්ට AR යෙදුම සමගින් මීටර් 4 ක් උසැති කලාත්මක Find X3 Pro ප්‍රතිනිර්මාණයක අපූර්වත්වය අත්විඳිය හැකි වේ. ඉහළ සිට පහළට පැමිණෙන මෙම නිර්මාණය අලංකාර ඡායාරූප පවුරක් බවට පරිවර්තනය වන අතර ඉන් අනතුරුව,Find X3 වෙනුවෙන් Hans Zimmer නිර්මාණය කළ “Colorful Future” පසුබිම් සංගීතය මැද ඡායාරූප එකින් එක නිරාවරණය කරයි. මෙය සෑම කෙනෙකුටම අනාගත ඩිජිටල් ලෝකය අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

මීට පෙර INNO DAY 2020 වැඩසටහන තුළදී OPPO සිය ප්‍රථම full-time spatial computing AR යෙදුම වන OPPO CybeReal හඳුන්වා දීමට කටයුතු කළේ ය. High precision digital modeling, AI, cloud computing, graphics rendering, 5G, සහ තවත් අතිනවීන තාක්ෂණයන් ඇතුළත් වූ එය, මිශ්‍ර යථාර්ථයන්ගෙන් සමන්විත අනාගතයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. Platform-level AR යෙදුමක් ලෙස භෞතික ලෝකයේ දේවල් අතථ්‍ය ලෝකයක ඩිජිටල් ප්‍රතිනිර්මාණයන් බවට පත්කිරීමට CybeReal යෙදුමට හැකියාව ඇත. උපාංගය අභ්‍යන්තරයේ ඇති සංවේදක කිහිපයක් මගින් ලබාගනු ලබන දත්ත විශ්ලේෂණය කර, භෞතික ලෝකයේ හා අතථ්‍ය ලෝකයක මිශ්‍රණයක් ලෙස නරඹන්නන් වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේ International Conference on Computer Vision (ICCV) හිදී පැවැත්වෙන තරගයට OPPO හි වැඩිදියුණු කළ CybeReal තාක්ෂණය ඉදිරිපත් කෙරෙනු ඇත. තවමත් බොහෝ දුරට ගවේෂණය වී නොමැති AR දෘඪාංග, මෘදුකාංග හා සේවා ලෝකය තුළ දීර්ඝ ගමනක යෙදෙමින්, ඒ ඔස්සේ සියලුම ක්ෂේත්‍ර වලට මෙම තාක්ෂණයන් සමීප කරවීමට OPPO අපේක්ෂා කරයි.

Visits: 54