මහජන බැංකුවේ දංකොටුව ශාඛාව නව පරිශ්‍රයකට

මහජන බැංකුවේ දංකොටුව ශාඛාව නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා එම බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සිදුව ඇතැයි පවසයි.

දංකොටුව, පන්නල පාරේ, අංක 129 ස්ථානයේ විවෘත කෙරුණු මෙම ශාඛාව අති නවින තාක්ෂණයෙන් සහ සුවිශේෂි සේවාවන්ගෙන් සමන්විතය. එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරිමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳීමේ හැකියාවද ලබා දෙයි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ලයනල්  ගලගෙදර, පුත්තලම ප‍්‍රාදේශිය කළමනාකාරිනි කේ.ඒ.ඒ.ස් පීරිස්, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාරිනි එස්.ඒ.එම්.එල් සිරිමාන්න, දංකොටුව ශාඛා කළමනාකාර ඞී.එම් ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවන් සහභාගී වී තිබේ.

Visits: 38