ක්‍රිස්බෝ ලංකාවේ ආහාර සුරක්ෂිතබව හා පෝෂණ අවශ්‍යතා ඉටුකිරීමට පෙරමුණ ගනී

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, 2021ලෝක අහාර සුරක්ෂිතතා දිනයේ තේමාවන් වන වර්ධනය, පෝෂණය හා තිරසරබව යන සංකල්පයන්ට ජීවය ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතබව සහ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිය ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති මෙහෙයවීමට පියවර ගෙන ඇතැයි පවසයි.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ ස්ථුලතාව, මන්ද පෝෂණය හා බෝ නොවන රෝග සඳහා ගොදුරුවන පිරිස දිනෙන් දින ඉහළ යෑමේ ප‍්‍රවණතාවක් පවතින බැවින් එම තත්වය පාලනය කිරීම සඳහා ප්‍රෝටීන් බහුල සමබල ආහාර වේලක් ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව රාජ්‍ය හා පුද්ගලික යන අංශ දෙකෙහිම අවධානය යොමුවී ඇති වපසරියක් තුළ අඩුම මිලට වෙළෙඳපොලෙන් ලබා ගත හැකි ප්‍රෝටීන් ප‍්‍රභවය වන තත්වයෙන් උසස් ගුණාත්මක කුකුළු මස් පාරිභෝජනය පිළිබඳව ශ‍්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේවන විටත් කටයුතු කර ඇත.

ග‍්‍රාමීය ගොවි සහ කුකුළු ගොවිපළ හිමියන් සමග සෘජුව ගනුදෙනු කරන බැවින් ග‍්‍රාමීය ආර්ථිකය පුබුදුවාලමින් විශාල සමාජීය පරිවර්තනයක් සඳහා අවශ්‍ය අඩිතාලම ක‍්‍රිස්බ්‍රෝ විසින් ගොඩනංවා ඇත.

කෝවිඞ් 19 වසංගතය හමුවේ ලෝකයේ සෙසු රටවල් වසා දැමූ පසුබිමක මෙම ගෝලීය වසංගතය සාර්ථකව පාලනය කළ රටක් ලෙස අපගේ අපනයන වර්ධනය සඳහා මෙය අවස්ථාවක් කර ගැනීමට පෙරමුණ ගත් කර්මාන්තය කිහිපය අතර කුකුළු මස් නිෂ්පාදනයට හිමිවන්නේ සුවිශේෂී තැනකි.

මෙම ක්ෂේත්‍රයේ ප‍්‍රමුඛතම සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ පශ්චාත් කෝවිඞ් තත්වය තුළ කුකුළු මස් අපනයනයට යොමු වූ අතර මේ යටතේ මාලදිවයින් රාජ්‍යයට හා ගල්ෆ් සහයෝගීතා කලාපයේ රටවලට කුකුළු මස් සැපයීමේ අවස්ථාව ක‍්‍රිස්බ්‍රෝ සමාගමට හිමි විය. ඒ අනුව ගල්ෆ් සහයෝගීතා කලාපයෙන් ලැබුණු ඇණවුමකට අනුව ශීත කළ කුකුළු මස් මෙට්‍රික් ටොන් 30 ක ප‍්‍රථම තොගය ඕමාන් රාජ්‍යයේ අල් හමාදි ටේ‍්‍රඩින් වෙත අපනයනය කිරීමට සමාගමට හැකිවිය. ගල්ෆ් සහයෝගීතා කලාපය වෙත සිය අපනයනයන් ප‍්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම තුළ ඩොලර් මිලියන 2.8ක් වටිනා අපනයන වෙළෙඳපොළක් සඳහා ශ‍්‍රී ලංකාවේ ගුණාත්මක කුකුළු මස් නිෂ්පාදනයන්ට දොරටු විවර විය.

Visits: 183