සෙලින්කෝ ලයිෆ් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ශ්වසනාධාර උපකරණ පරිත්‍යාග කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන කොවිඞ්-19 සටන සඳහා කැපවී සිටින සෞඛ්‍ය ආයතන සඳහා වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන යටතේ පසුගියදා කුලියාපිටිය ශික්ෂණ රෝහල සඳහා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කිරීමක් සිදු කළ බව එම සමාගම පවසයි.

ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි. සමාගම විසින් මීට පෙර මෙවැනිම උපකරණ තොගයක් කොළඹ දකුණ ශික්ෂණ රෝහලට සහ මඩකළපුව ශික්ෂණ රෝහලට මෙන්ම කන්තලේ මූලික රෝහල වෙත සමාගම ප‍්‍රදානය කරන ලදී. HFNC ක‍්‍රමයේදී මුව ආවරණයක් භාවිතා කරමින් රෝගියාට ඔක්සිජන් ලබාදෙන අතර යන්ත‍්‍ර මගින් ඔක්සිජන් ලබාදුන් රෝගීන්ටද ඔක්සිජන් ලබාදීම සඳහා මෙම ශ්වසනාධාර උපකරණ භාවිතා කරයි. 

සෙලින්කෝ ලයිෆ් විසින් රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ‍්‍රී ලංකා ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අංග සම්පූර්ණ අධි සත්කාර ඒකක පරිත්‍යාග කරන ලදී. HDU ඒකක බරපතල ලෙස රෝගී තත්වයන්ට පත්ව සිටින රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම කෙරෙහි බලපාමින් දැඩි සත්කාරවල අවශ්‍යතාව අවම කිරීමට හේතු වේ. මෙම ඒකක රෝගීන්, සැත්කම් වලින් පසු වාට්ටු වෙත මාරු කිරීමට පෙර පශ්චාත් සත්කාර කටයුතු සඳහා මෙන්ම දැඩි රෝගී තත්වයන් කෙරෙහි ප‍්‍රතිකාර ලබාදීම සඳහාද භාවිතා කෙරේ.

මෙම අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් ව්‍යාපාර සංවර්ධන කළමනාකරු, අයි. බී. එල්. විජේසිංහ මහතා, කළාපීය අලෙවි කළමනාකරු, ජානක පෙරේරා මහතා, කුලියාපිටිය ශාඛාවේ ප‍්‍රධානී, වී. එස්. එල්. එස්. කුමාර මහතා, ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප‍්‍රවර්ධන විධායක, එස්. ඒ. එම්. එස්. ආර්. අබේසිංහ මහතා සහ විධායක ප‍්‍රධානී, ජී. කේ. යූ. ප‍්‍රියදර්ශන මහතා, රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඩබ්ලිව්. කේ. සී. පී. වීරවත්ත මහතා සහ විශේෂඥ වෛද්‍ය එස්. පී. ඩයස් මහතා සහභාගී වී තිබේ.

Visits: 33