Sysco LABS ක්‍රියාත්මක කළ ‘Share a Meal, Share a Moment’ 2 වන පියවර සාර්ථකව

අග හිඟකම් හා අවශ්‍යතා ඇති ප්‍රජාවන්ට පිහිටක් වෙමින් එම අවශ්‍යතාවයන් ලබා දී සහයෝගය දැක්වීමට Sysco LABS Sri Lanka ආයතනය ආරම්භ කළ ‘Share a Meal, Share a Moment’ වැඩසටහනේ දෙවන අදියර මෙවර අලුත් අවුරුදු සමයේ පැවැත් වූ බව පවසයි.

2021 අප්‍රේල් 8 වන දින ආරම්භ වූ මෙම වැඩසටහන අප්‍රේල් 20 වනදායින් අවසන් විය. අත්‍යවශ්‍ය වියළි සලාකවලින් පිරුණු බඩු මලු 1,000කට අධික ප්‍රමාණයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකම පවුල්වලට බෙදා දීම සිදු කර තිබේ.

Sysco LABS සේවකයින්ද මෙම අවස්ථාවට ස්වේච්ඡාවෙන් දායක වූ අතර තවත් වැඩිපුර බඩු මලු 150 ක් එකතු කරමින් මලු 1,150 ක් එම පවුල් වෙත පරිත්‍යාග කිරීමසිදුව තිබේ.  

TheRobin Hood Army Sri Lanka සමාගම සමඟ යළිත් වරක් හවුල් වෙමින් මෙය ක්‍රියාත්මක වුණු අතර බඩු මලු බෙදා හැරීම සඳහා Ghedora Connects සහ Rotaract Club of Achiever’s Lanka යන ආයතන සහාය වී ඇත.

මෙම ව්‍යාපෘතියට අදාල පළමු අදියර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සාර්ථකව අවසන් කෙරිණි. එහිදී අවශ්‍යතා ඇති ජනතාවට පිසූ ආහාර ලබාදීම කෙරෙහි අවධානය යොමු කරමින් පිසූ ආහාර 12,000 කට වඩා වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම සිදුව ඇත.

ව්‍යාපෘතියේ දෙවන අදියර පිටුපස ඇති කාර්යයන් පිළිබඳව පැහැදිලි කරමින් ව්‍යාපෘති ප්‍රධානී ගැවී පෙරේරා මහතා, “Share a Meal, Share a Moment’ වැඩසටහන COVID-19 මගින් තවදුරටත් පීඩාවට පත්ව සිටින අඩු පහසුකම් සහිත පවුල් වෙත ළඟාවීම සඳහා සුවිශේෂී අවස්ථාවක් වුණා. Sysco LABS Property Team සහ මම, මෙවැනි වැඩසටහනකට සම්බන්ධ වීමම ගෞරවයක් හා වරප්‍රසදයක් ලෙස සලකනවා.” යනුවෙන් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අලෙවිකරණ අංශ ප්‍රධානී කුෂානි කල්පගේ “COVID වසංගතයේ බලපෑම වසරක් පුරා පවතිද්දී, අගහිඟකම් ඇති පවුල් මුහුණ දෙන අභියෝග වැඩි වෙමින් පවතින බව අපි තේරුම් ගත්තා. මෙම වැඩසටහන ලොව පුරා කුසගින්න හා දරිද්‍රතාවයේ ගැටලු විසඳීම සඳහා වන Sysco ගෝලීය ව්‍යාපාරයේ එක් දිගුවක්.” යනුවෙන් පවසා ඇත.

Visits: 69