මෙල්ස්ටාකෝර්ප් පීඑල්සි රු. 2.75 බැගින් ලාභාංශ ගෙවීම ජූලි 06දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී (MELS.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද කොටසක් සඳහාම රුපියල් 2.75 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව ඇත.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 06 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 23 වැනිදා නම් කෙරී ඇත.

මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නැත.

සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධනගේ සභාපතිත්වයෙන් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී ක්‍රියාත්මක වෙයි.

අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 49.30ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (11දා) සටහන්ව තිබූ රුපියල් 48.50ට සාපේක්ෂව ශත 80ක එනම් 1.65%ක ඉහළ යාමකි.

Visits: 303