සෙලෙන්දිවා ලෙෂර් යටතේ හෝටල් තුනක් ලැයිස්තුගතවීම ජූනි මාසයේදී?

රජයට අයත් නාගරික සංවර්ධන අධිකාරියෙහි 100෴ක හිමිකාරීත්වයක් යටතේ පිහිටුවා ඇති සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමෙහි %සෙලෙන්දිවා ලෙෂර්^ අංශය යටතට ඇතුළත් වන රජයට අයත් හෝටල් තුනක් මෙම මාසය ඇතුළතදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඊයේ ආරම්භ වුණු Sri Lanka Invest ආයෝජන හමුවේ පළමු දිනයේදී අදහස් දැක්වීමක් සිදු කළ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙම කරුණු අනාවරණය කර තිබේ.

ලංකා වාණිජ මණ්ඩලය,  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව මෙම තෙදින ආයෝජන හමුව සංවිධානය කෙරිණි.

ඒ අනුව රජයේ ආයෝජන හස්තය ලෙස පිහිටුවා ඇති සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් සමාගම යටතේ මෙම ලැයිස්තුගතවීම සිදු වන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

“මෙම සමාගම මගින් රජයට අයත් ප්‍රධාන පෙළේ දේපළ ඇතුළු ඌන උපයෝජනයක් සහ ඌනකාර්යසාධනයක් සහිත සම්පත් යළි සකස් කරමින් ඒවා වෙත ප්‍රාග්ධනය රැස්කරගැනීමට කටයුතු කරනවා.“

මෙහිදී සෙලෙන්දිවා ලෙෂර් යටතේ ග්‍රෑන්ඩ් හයාට් හෝටලය, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් හෝටලය සහ තවත් ප්‍රධාන පෙළේ දේපළ වෙන් කෙරී අතැයිද ආටිගල මහතා පවසා තිබේ.

“මෙම ලැයිස්තුගතවීම් බොහෝ දුරට මෙම මාසය අවසානයේදී සිදු කිරීමට හැකියාව ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා” ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Visits: 628