මෝටර් රථ ක්ෂේත්‍රයේ වඩාත්ම වටිනා සන්නාමය බවට සියැට් තේරී පත්වෙයි

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ටයර් සන්නාමය වන සියැට් 2021 වසරේදි ශ‍්‍රී ලංකාවේ ‘Motor’ අංශයේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වර්ගීකරණයේදී තේරී පත්වී තිබේ.

මෙම වර්ගීකරණයේදී සියැට් සන්නාමය සමස්තයක් ලෙස ස්ථාන 05 ක් ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.

මේ අනුව, ලෝකයේ ප‍්‍රමුඛතම සන්නාම ඇගයීමේ උපදේශන ආයතනයක් 2021 වසරේදී සියැට් සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 2,024 ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබෙන අතර එය 2020 වසරට සාපේක්ෂව 46% ක කැපී පෙනෙන වර්ධනයකි.

මේ අතර, විශාලතම බැංකු, විදුලි සංදේශ සේවා සම්පාදකයින් සහ සිල්ලර අංශයේ දැවැන්තයින් ඇතුළු ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම 100 ක් අතුරින් සමස්තයක් ලෙස සන්නාම වටිනාකම් දර්ශකයේ 48 වන ස්ථානයට පැමිණීමට සියැට් සන්නාමය සමත්වීම මෙහිදී කැපී පෙනේ.

ශ‍්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ටයර් සන්නාමය වන සියැට් සඳහා බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙහිදී ‘AAA’ සන්නාම වර්ගීකරණය ලබාදී ඇත. මේ වසරේදී ශ‍්‍රී ලංකාවේ පාරිභෝගික සන්නාම සඳහා ලබාදුන් දෙවන හොඳම වර්ගීකරණය මෙය වේ. 

මෙම ජයග‍්‍රහණය පිළිබඳව සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොවිඞ්-19 වසංගත තත්ත්ය හමුවේ ඇතිවූ නව වෙළෙඳපොළ තත්ත්වයන්ට අනුගත වෙමින් විවිධ ටයර් ප‍්‍රමාණයන්ට පැනවූ ආනයන සීමාවන්ට අනුව ඇතිවූ දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාවයන්ට ඉතාමත් ඉක්මනින් ප‍්‍රතිචාර දැක්වීමට ඉතාමත් ඉහළ කැප කිරීමක් කළ සමාගමේ විවිධ මට්ටම්වල සියළු දෙනාටම අපි මෙම සම්මානය පුද කරනවා. මේ අවස්ථාවේදී සියැට් ඉහළටම පැමිණි අතර සියැට් ව්‍යාපාරික කටයුතු මෙන්ම සන්නාමයේ වටිනාකම මේ හේතුවෙන් වර්ධනය වුණා. මේ නිසා, මේ වසරේ බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වර්ගීකරණයේ ‘Movers and Shakers’ යටතට ආඩම්බරයෙන් අපි පත්වුණා.’ 

බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්ට අනුව සන්නාමයේ ශක්තිය, ව්‍යාපාරික කාර්යසාධනය, සහ බාහිර වෙනස්කම් යන කරුණු වලට ලබාදෙන වෙනමම වටිනාකම් මගින් සන්නාමයේ වටිනාකම ගණනය කරයි. වෙළෙඳසලකුණු සහ සම්බන්ධිත බුද්ධිමය දේපොළද සාමාන්‍යයෙන් ඇතුළත් වන සන්නාමයේ පේ‍්‍රෂණය කළ හැකි අංගවල වටිනාකමද ගණනය කරන නිශ්චිත වත්කම් ගණනය කිරීමක් ලෙසින් එය විස්තර කරනු ඇත.

ISO 10668 කර්මාන්ත ප‍්‍රමිතිය සමග අනුකූල වන සන්නාම තක්සේරුකරණ ක‍්‍රමවේදයක් වන රෝයල්ටි රිලීෆ් ප‍්‍රවේශය භාවිතාකරමින් මෙහිදී සන්නාමවල වටිනාකම් ඇගයීම සිදුකරයි. සන්නාමයට අදාළව අනාගතයේදී ලබන ආදායම මෙහිදී භාවිතා කිරීම සඳහා ගෙවන රෝයල්ටි අනුපාතය ගණනය කිරීම මගින් ඇස්තමේන්තු කර ‘සන්නාමයේ වටිනාකම’ ගණනය කරයි. සන්නාමයේ අයිතිකාරුවාට විවෘත වෙළෙඳපොළ තුළදී සන්නාමයක් ලියාපදිංචි කිරීම මගින් ලැබිය හැකි ශුද්ධ ආර්ථික ප‍්‍රතිලාභය ලෙසින් මෙය අවබෝධ කරගනී. 

ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන, අගය පදනම් කරගත් සන්නාම උපායමාර්ග උපදේශන ආයතනයක් වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් පී.එල්.සී. සමාගමේ මූලස්ථානය ලන්ඩනයේ පිහිටා තිබෙන අතර ශාඛා ජාලය ශ‍්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් 20 කට වැඩි ප‍්‍රමාණයක ව්‍යාප්තව තිබේ. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් අලෙවිකරණය සහ මූල්‍යනය අතර තිබෙන හිඩැස සන්නාමවල තිබෙන මූල්‍ය වටිනාකම ගණනය කිරීම මගින් පුරවනු ලබයි. සන්නාම තක්සේරු කිරීමේ ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතීන් වන ISO 10668 සහ ISO 20671 පවත්වාගෙන යාමට මෙහිදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සහයෝගය ලබාදෙයි.

මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදන අංශයේ විශාලතම සමාගමයි. සමාගම මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 ක මුදලක් ආයෝජනය කර තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

Visits: 155