“රටේ අභියෝගාත්මක අවස්ථාවන්ට මහජන බැංකුව දුන් දායකත්වය සුවිශාලයි” – අගමැති මහින්ද

ශ්‍රී ලාංකික සමාජය පෙර අත්නොවිඳි අභියෝගයන්ට මුහුණ දුන් අවස්ථාවන්වලදී ජාතික ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට සුවිසල් දායකත්වයක් ලබා දුන් ජනහද හඳුනන මහජන බැංකුවට රටේ ජනතාව ආදරය කරන බව මුදල් අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා අරලියග මන්දිරයේ දී පැවසීය.

මහජන බැංකුවේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.

වසර 44ක් තිස්සේ චිත්තම්පලම් එම් ගාඩ්නර් මාවතේ පිහිටි කාර්යාල ප්‍රධාන කාර්යාලය ලෙස භාවිතා කළ මහජන බැංකුව, සියයට සියයක් හරිත සංකල්පය යටතේ භූගත මහල් 03 කින් සහ මහල් 23 කින් සමන්විත නව ප්‍රධාන කාර්යාලය අති නවීන පහසුකම්වලින් සමන්විතව කොළඹ ඉබ්බන්වල හංදියට නුදුරින් ඉදිකිරීම් අද දින මෙසේ ආරම්භ විය.

මුල්ගල් තබන අවස්ථාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැරඹූ ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නවීන තාක්ෂණයෙන් එහි සමරු ඵලකය නිරාවරණය කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල් , ශෙහාන් සේමසිංහ ,අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ,මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි රංජිත් කොඩිතුවක්කු මහත්වරු ඇතුළු මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව සිට ඇත.

Visits: 35