ස්විස්ටෙක් (සිලෝන්) රු. 1.05 බැගින් ලාභාංශ ගෙවීම ජුනි 25 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.05 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් සිදු කරන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම බවද ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූනි 25 වැනිදා ලෙස ප්‍රකාශ කර තිබේ. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 08 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවද ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි අවසන්වරට ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා දිනයේදී ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 31.50ක් ලෙස සටහන්ව තිබුණි. එය පසුගිය අඟහරුවාදා දිනයේදී සමාගමේ කොටසක අගය වූ රුපියල් 31.10ට සාපේක්ෂව ශත 40ක එනම් 1.29%ක ඉහළ යාමකි.

Visits: 200