ශ්‍රීලංකන් ගුවන් සේවය බෝයිං සමඟ අවබෝධතා ගිවිසුමකට

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛතම අභ්‍යවකාශ සමාගම වන බෝයිං සමාගම පසුගියදා කොළඹදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව පවසයි.

නව ගිවිසුම මගින් දෙපාර්ශවයටම ගුවන් යානා නඩත්තු කිරීම, ගුවන් යානා උපාංග නඩත්තු කිරීම, පුහුණුව සහ වෙනත් වාණිජ අවස්ථා සපුරා ගැනීමට හැකි වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

මෙම ගිවිසුම් අත්සන් කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක, ඉංජිනේරු අංශ ප්‍රධානී ෂෙවන්ත වීරසේකර සහ බෝයිං හි විකුණුම් අධ්‍යක්ෂ කාන්ති භුර්වාන්ගිරි (Kaanthi Bhuvanagiri) යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

Visits: 77