මූලික කොටස් නිකුතු (IPO) පිළිබඳ විද්වත් සාකච්ඡාව හෙට (18දා)

කොළඹ කොටස් හුවමාරුව මගින් සංවිධානය කරනු ලබන මූලික කොටස් නිකුතු (IPO) පිළිබඳ විද්වත් සාකච්ඡාවක් හෙට (18දා) දිනයේදී පැවැත්වෙන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

කොළඹ කොටස් හුවමාරුව සම්බන්ධයෙන් අධ්‍යාපනය සහ දැනුවත්භාවය ලබා දීම සඳහා සිදු කරන වැඩසටහන් මාලාවේ තවත් අවස්ථාවක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කෙරේ.

හෙට පස්වරු 6.30 සිට 7.30 දක්වා සිංහල භාෂාවෙන් පැවැත්වෙන මෙම මෙම විද්වත් සාකච්ඡාව සඳහා නොමිලේ සම්බන්ධවීමේ අවස්ථාව සලසා දී තිබේ.

මෙම සාකච්ඡාවේ විද්වත් මණ්ඩලය ලෙස එන්ඩීබී ඉන්වෙස්ට්මන්ට් බෑන්ක්හි ප්‍රධාන සාංගමික උපදේශක නිලධාරී නිලේන්ද්‍ර වීරසිංහ මහතාත්,  එන්ඩීබී ඉන්වෙස්ට්මන්ට් බෑන්ක්හි සහකාර උප සභාපති (සාංගමික උපදේශක) සුජානි පෙරේරා මහත්මියත් සම්බන්ධ වෙයි.

මෙහිදී මූලික කොටස් නිකුතුවක් යනු කුමක්ද?, මූලික කොටස් නිකුතුවක් මගින් ආයතනයක් කොටස් නිකුත් කරන්නේ කුමන හේතුවක් නිසාද?, මූලික කොටස් නිකුතුවකින් ඔබ කොටස් මිලදී ගන්නේ කෙසේද? සහ නිවැරදි කොටස් සඳහා යොමු වී වැඩි වාසි අත්පත් කරගන්නේ කෙසේද” යන්න පිළිබඳව සාකච්ඡා කෙරෙන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

අන්තර්ජාල Zoom මාධ්‍ය හරහා මෙම වැඩසටහන පැවැත්වෙයි. මේ සඳහා සම්බන්ධවීමට එහි සංවිධායකයන් විසින් ලබා දෙන ගූගල් පෝරමය පුරවා ඊට ලියාපදිංචි විය යුතුය.

https://forms.gle/js7Qrub7becUwZec7 යන වෙබ් ලිපිනයෙන් එය ඩවුන්ලෝඩ් කරගත හැකිය.

මෙම විද්වත් සාකච්ඡාව පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකතන අංක 071 204 1227 හෝ 025 223 5244 අමතා ලබා ගැනීමේ අවස්ථාව පවතී.

Visits: 413