වාහන ලීසිං සඳහා විශේෂ පොලී අනුපාත ලබාදීමට කොමර්ෂල් බැංකුව ‘ලීසිං වාරේ’ යළි අරඹයි

වාහන මිලදීගැනීමේදී අඩුම පොලී අනුපාත සහ දැරිය හැකි ලීසිං වාරික මත ගැනුම්කරුවන්ට වාහන මිලදීගැනීමට අවස්ථාව ලබාදෙන බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි කොමර්ෂල් බැංකුවේ ‘ලීසිං වාරේ’ ප‍්‍රවර්ධන වැඩසටහන යළිත් ආරම්භ කිරීමට බැංකුව කටයුතු කර තිබේ.

කීර්තිමත් වාහන අලෙවි නියෝජිතයින් සමග ඒකාබද්ධවී විශේෂ වට්ටම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන මෙම ‘ලීසිං වාරේ’ ප‍්‍රවර්ධන වැඩසටහන 2021 ජුනි 30 වනදා දක්වා ක‍්‍රියාත්මක වේ.

මෙහිදි, අඩු පොලියට ලීසිං පහසුකම් ලබාගැනීමට අමතරව තම තමන්ගේ ආදායම් රටාවන්ට ගැලපෙන ලෙස ලීසිං පහසුකම් සකසා ගැනීමේ අවස්ථාව හිමිවන අතර බැංකුවේ සුපර් ලීසිං සහ හයිබි‍්‍රඞ් ලීසිං පහසුකම්ද මෙම මාස තුනේ ප‍්‍රවර්ධන කාල සීමාව තුලදී ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි. 

කොමර්ෂල් බැංකුවේ සුපර් ලීසිං පහසුකම් මගින් අති සුඛෝපභෝගී වාහන අඩුමිල වාරික, පහසුගෙවීමේ ක‍්‍රම සහ කලින් මුදල් පියවීමේදී අඩු ගාස්තු යටතේ ලබාගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ.

මේ අතර, බැංකුවේ හයිබි‍්‍රඞ් ලීසිං පහසුකම යටතේද අධි සුඛෝපභෝගී වාහන අඩුමිල වාරික වලට ලබාගත හැකි අතර පළමු වසර තුළදී සාමාන්‍ය වාරික මුදලෙන් අඩක් ගෙවීමේ අවස්ථාවද ඉතිරි ලීසිං කාල සීමාව තුළදී සාමාන්‍ය වාරිකය ගෙවා දැමීමට මෙහිදී පාරිභෝගිකයින්ට හැකිවේ. ඉතිරිවන මුදල අවසාන ලීසිං වාරිකයෙන් ගෙවා දැමිය යුතුවේ. ඉතිරිවන මුදල් ගෙවීම සඳහා ලීසිං කාල සීමාව තවත් වසර දෙකකින් දීර්ඝ කර ගැනීමේ අවස්ථාවද මෙහිදී ගනුදෙනුකරුවන්ට ලබාගත හැකිය.

කොමර්ෂල් බැංකුව විසින් පවත්වන පස්වන ‘ලීසිං වාරේ’ වැඩසටහන මෙයයි. වාහන මිලදීගැනීමට අදහස් කරන සහ පොලිය අඩුවීමේ වාසිය ලබාගනිමින් දැරිය හැකි ලීසිං වාරික මත තමන්ගේ වාහන අළුත් කරගැනීමට සැලසුම් කර තිබෙන ගනුදෙනුකරුවන්ට නව බලාපොරොත්තුවක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සිදුකරන අතර එමගින් ලීසිං වෙළෙඳපොළ තුළ තිබෙන බැංකුවේ තත්ත්වයද ඉහළ යෑමට හේතුවනු ඇත.

ලීසිං ගනුදෙනුකරුවන්ට හොඳම විසඳුම් ලබාදීමේ පුරෝගාමී බැංකුව ලෙසින් කටයුතු කරන කොමර්ෂල් බැංකුව ‘ලීසිං වාරේ’ ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා බොහෝ කීර්තිමත් වෙළෙඳ නියෝජිතයින් සමග ඒකාබද්ධ වී තිබේ.

මේ වනවිටත් මිලදීගෙන තිබෙන වාහන විකුණා නව වාහන ලබා ගැනීම සඳහා ආකර්ශනීය ලීසිං වාරික ලබාදීමට මෙන්ම නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් සහ අනිකුත් කෘෂි කාර්මික වාහන මිලදීගැනීමේදී විශේෂ ලීසිං වාරික ලබාදීමට, බැංකුව ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම සමග ඒකාබද්ධ වී සිටී. මේ අතර අයිඩියල් මෝටර්ස් සහ යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් වෙතින් දේශීයව එකලස් කළ SUV වාහන මිලදීගැනීමේදී ලීසිං වාරික සඳහා සහන ලබාදීමේ ඒකාබද්ධ ප‍්‍රවර්ධනයන්ද බැංකුව විසින් දියත් කර තිබේ. 

Visits: 104