මෙරට ප්‍රංශ තානාපති ප්‍රමුඛ පිරිසක් වරාය නගරයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා වන Lavertu eric ප්‍රමුඛ ප්‍රංශ නියෝජිතයන් පිරිසක් පසුගිය 09 දාකොළඹ වරාය නගරයෙහි සංචාරයක නිරත වූ බව පෝර්ට් සිටි කලම්බු පවසයි.

කොළඹ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයේ ආර්ථික දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම සංචාරය දෙරට අතර සමාජ – ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින්, කොළඹ වරාය නගරයෙහි පවතින ආයෝජන අවස්ථාව පිළිබඳව දැනුවත්වීම සඳහා සිදු කරවූවක් බව සඳහන් වෙයි.

මෙහිදී ප්‍රංශ තානාපතිවරයා පිළිගැනීමට CHEC පෝර්ට් සිටි කලම්බු හි කළමනාකාර අධ්‍යක්ෂ හොයුලිආන්ග් ජිආන්ග් විසින් සිදු කර තිබේ.  

මෙම සංචාරය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම හරහා අදහස් දක්වා ඇති ප්‍රංශ තානාපතිවරයා, කොළඹ වරාය නගරයෙහි බලධාරීන් සමගින් ඉතාමත් හොඳ හමුවක් පවත්වන්නට හැකි වූ බව පවසා තිබේ. එහිදී තමන් කිලෝමීටර් 1.6ක් පමණ දිගකින් යුත් කොළඹ ඉදිවුණු පළමු කෘත්‍රිම වැලි වෙරළ දැක ගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කර ඇත.

එසේම විශාල බලාපොරොත්තුවක් තබා තිබෙන මෙම ව්‍යාපෘතිය වෙත මහාපරිමාණ ආයෝජන මෙන්ම සුවිශේෂී පාලනයක්ද අවශ්‍යව ඇතැයි තානාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

Visits: 89