International Business Magazine සම්මාන උළෙලේදී මහජන බැංකුවට සම්මාන

මහජන බැංකුව, පසුගියදා පැවැති International Business Magazine සම්මාන උළෙලේදි 2021 වර්ෂයේ ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ටතම ඩිජිටල් බැංකුව’ වශයෙන් සම්මානයට පාත්‍ර වූ බව පවසයි. එමෙන්ම එම සඟරාව විසින්ම මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා වෙත ‘ශී‍්‍ර ලාංකීය බැංකුකරණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතම ප‍්‍රධාන විධායක නිලධාරී’ යන සම්මානයද පිරිනමා තිබේ.

මෙම International Business Magazine සම්මාන උළෙලේදී ජාත්‍යන්තර ව්‍යාපාර හා මුල්‍ය ව්‍යාපාර අංශයන්හි ක‍්‍රියාත්මක ආයතනයන් දක්වන සුවිශේෂී දක්ෂතාවයන් ඇගයීමට ලක් කෙරේ.

මහජන බැංකුව විසින් හඳුන්වා දෙන ලද ඩිජිටල් බැංකු සේවා විස`දුම් කෙතරම් ඉහළ ජනප‍්‍රියතාවයක් හිමිකරගෙන තිබේද යන්න තහවුරු කරගැනීම සඳහා හොඳම උදාහරණයක් ලෙස එහි මොබයිල් බැංකුකරණ යෙදවුම (Mobile Banking App) වන People’s Wave පෙන්වාදිය හැක. ශ‍්‍රී ලාංකීය මුල්‍ය සේවා ක්ෂේත‍්‍රයෙහි වැඩියෙන්ම බාගත කරන ලද යෙදවුම එය වන අතර, සම්පූර්ණ බාගත කිරීම් සංඛ්‍යාත්මකව 900,000 ඉක්මවයි. ඊට අමතරව People’s Wave අන්තර්ජාල බැංකු සේවා පොර්ටලය ඔස්සේ ගනුදෙනුකරුවන්ට ලබා දෙන පහසුකම් ඉහළ නැංවීමටද මහජන බැංකුව කටයුතු කර තිබේ. People’s Wave භාවිතා කරන මහජන බැංකුවේ ගනුදෙනුකරුවන් ගණන 500,000 ඉක්මවයි.

People’s Wiz ඩිජිටල් ණය (RLOS) මහජන බැංකුවේ තවත් ප‍්‍රුමුඛතම නව්‍යකරණ ඩිජිටල් බැංකු නිමැයුමකි. මහජන බැංකුවේ පුද්ගලික ණය පහසුකම් පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ දී අවම ලියවිලි ප‍්‍රමාණයක් ඉදිරිපත් කරමින් ලබාගත හැකිවීම මේ හරහා ලැබෙන වැදගත් පහසුකමකි. එමෙන්ම ආයතනික ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ People’s Win ඩිජිටල් බැංකුකරණ විසඳුම අන්තර්ජාල බැංකුකරණ පෝර්ටලයක් හා මොබයිල් බැංකු සේවා යෙදවුමක් වශයෙන් කටයුතු කරයි. එමගින් ආයතනික  ගනුදෙනුකරුවන් පිරිස වෙත සිය ගනුදෙනු සිදුකිරීම සඳහා පහසුව, සේවාවේ වේගවත් බව, නම්‍යශීලීභාවය හා පුද්ගලිකත්වය සුරැකීම වැනි පහසුකම් හිමිකර දෙයි.

තවද බැංකුවක් වශයෙන් අති සාර්ථක ලෙස ඩිජිටල් බැංකුකරණ විසඳුම් වෙත යොමුවෙමින්, ගනුදෙනුකරුවන් ගේ පහසුව ඇතිකිරීම සඳහා ලබා දෙන විශිෂ්ට නායකත්වය වෙනුවෙන් මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, රංජිත් කොඩිතුවක්කු මහතා ‘ශී‍්‍ර ලාංකීය බැංකුකරණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතම ප‍්‍රධාන විධායක නිලධාරී’ ලෙස මෙහිදි සුවිශේෂී සම්මානනීය ඇගයීමක්ද හිමිකරගන්නා ලදී.

රංජිත් කොඩිතුවක්කු මහතා පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී, පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී,  පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී, පීපල්ස් ට‍්‍රැවල්ස් සමාගම, බංගලාදේශයේ ලංකන් අලියාන්ස් ෆිනෑන්ස් සමාගම, මුල්‍ය ඔම්බුඞ්ස්මන් ශ‍්‍රී ලංකා (ගරන්ටි) සමාගම, ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය, ලංකා ක්ලියර් පුද්ගලික සමාගම, ජාතික ගෙවීම් කවුන්සිලය, ශ‍්‍රී ලංකා බැංකු සංගමය (ගරන්ටි) සමාගම, ලංකා මුල්‍ය සේවා කාර්යාංශය හා ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය යන සමාගම් හා ආයතනයන්හි අධ්‍යක්ෂවරයෙකු වශයෙන්ද කටයුතු කරයි.

Visits: 60