කොමර්ෂල් බැංකුව, යුනියන්පේ ඉන්ටර්නැෂනල් සමග එකඟතාවකට

UnionPay QR Wallet හිමි ගනුදෙනුකරුවන්ගේ ගෙවීම් අත්දැකීම් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාව තුළ QR කේතය පදනම් කරගත් ගෙවීම් පිළිගැනීම් සක‍්‍රීය කිරීමට යුනියන්පේ ඉන්ටර්නැෂනල් (UPI) සමග ඒකාබද්ධ වූ බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර සිටියි.

යුනියන්පේ QR කේතද ඇතුළත් කරමින් LANKAQR කොන්දේසි වලට යටත්ව ඒකාබද්ධ QR කේතයක් නිකුත් කරන පළමු ශ‍්‍රී ලාංකේය බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වේ.

මෙම ඒකාබද්ධතාවය සමග බැංකුව විසින් වෙළෙඳුන්ට ලබාදෙන LANKAQR QR කේතයේ දැනට පවතින QR ගෙවීම් පිළිගැනීමට අමතරව යුනියන්පේ QR කේත පිළිගැනීමේ පහසුකමද ඇතුළත් වේ. මේ අනුව, යුනියන්පේ සක‍්‍රීය QR ඇප් පහසුකම් තිබෙන චීනයේ සහ අනිකුත් සංචාරකයින්ට වෙළෙඳ ස්ථානවල තිබෙන කොමර්ෂල් බැංකුවේ LANKAQR QR කේතය ස්කෑන් කර භාණ්ඩ හා සේවා වලට ගෙවීමේ හැකියාව ලැබේ.

එසේම ඊ-වාණිජ්‍යය ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට යුනියන්පේ QR දේශීය වෙළෙඳුන්ගේ වෙබ් අඩවි සමග ඒකාබද්ධ කිරීමේ හැකියාවද ඇත. Q+ වෙළෙඳ ඇප් පහසුකම භාවිතා කරමින් නිකුත් කරන QR කේතයක් ගනුදෙනු සිදුකිරීම සඳහා විවිධ වූ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හල හැකිබවද බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුවේ මෙම නවතම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා, ‘ඕනෑම මුදල් නොවන ගෙවීම් පද්ධතියක අත්‍යවශ්‍ය ගුණාංග වන්නේ පහසු ප‍්‍රවේශය, වෙනත් පද්ධති සමඟ ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව, ප‍්‍රයෝජනවත් බව සහ ආරක්ෂාවයි. මෙම ක්ෂේත‍්‍රයේ නායකයෙකු වශයෙන් කොමර්ෂල් බැංකුව අපගේ ගනුදෙනුකරුවන්ට පමණක් නොව මෙරටට පැමිණෙන විදේශිකයින්ද ඉලක්ක කරගත් ඉලෙක්ට්‍රොනික සහ ඩිජිටල් ගෙවීම් භාවිතා කිරීමේ පදනම පුළුල් කිරීම සඳහා අඛණ්ඩ අවධානයෙන් සිටිනවා.’ යනුවෙන් පැවසීය.

‘ශ‍්‍රී ලංකාව තුළ යුනියන්පේ කාඞ්පත් නිකුත් කිරීමේ පළමු වැන්නා වූයේ කොමර්ෂල් බැංකුවයි. ශ‍්‍රී ලංකාව තුළ යුනියන්පේ QRC ගෙවීම් සක‍්‍රීය කිරීමට කොමර්ෂල් බැංකුව සමග නැවතත් අත්වැල් බැඳගැනීමට ලැබීම අපි ගෞරවයක් ලෙස සලකනවා. මේ තුළින්, ලෝකය පුරා සිටින යුනියන්පේ QRC භාවිතා කරන්නන් විසින් ශ‍්‍රී ලංකාව තුළ QRC ගෙවීම් පිළිගන්නා වෙළෙඳුන් වෙත වැඩි ගණුදෙනු ප‍්‍රමාණයක් ලබාදීමට කටයුතු කරනු ඇති. මේ තුළින් දේශීය සුපරීක්ෂණය යටතේ යුනියන්පේ ඉන්ටර්නැෂනල් විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් සිදුවූ බලපෑමෙන් ශ‍්‍රී ලාංකේය ආර්ථිකය යථාතත්ත්වයට පත්කිරීමට ලබාදෙන සහයෝගය විදහා දැක්වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් යුනියන්පේ ඉන්ටර්නැෂනල් හොංකොං ශාඛාවේ සාමාන්‍යාධිකාරී, මිෂෙල් ශාඹ් පැවසුවාය.

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන කාඞ්පත් ලෙස කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් සැලකෙන අතර සමස්තයක් ලෙස ගත්විට මෙරට වෙළඳපොළ ප‍්‍රමුඛස්ථානය ගැනීමට කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් හා ඩෙබිට් කාඞ් සමත්ව තිබේ.

බැංකුව විසින් Visa සහ Mastercard මෙන්ම UnionPay සන්නාම යටතේ Classic, Gold සහ Platinum මට්ටමින් ණයපත් නිකුත් කරන අතර ඉහළ පාරිභෝගික කාණ්ඩය සඳහා Visa Signature, World Mastercard සහ Visa Infinite මෙන්ම UnionPayAsia Prestige Diamond සහ UnionPay Asia Prestige Platinum කාඞ්පත් නිකුත් කරයි.

Visits: 42