HNB සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එක්ව අසමසම ලීසිං දීමනා ලබා දෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ ලියාපදිංචි කළ හා ලියාපදිංචි නොකළ රථවාහන සහ ෆොටොන් ට‍්‍රක් රථ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් ඇතුළු ප‍්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත හිමිකර දෙමින් සිය හවුල්කාරීත්වය අලූත් කිරීමට පසුගියදා කටයුතු කරන ලද බව පවසයි.

දෙපාර්ශවය අතර හවුල්කාරීත්වය පිළිබඳ නිල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව HNB ටවර්හිදී පැවති අතර HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාර, සන්ජේ විජේමාන්න සහ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් හි විකුණුම් හා අලෙවි අධ්‍යක්ෂක හෂින්ද්‍ර සිල්වා යන මහත්වරු විසින් අදාල ගිවිසුම අත්සන් කරන ලදී. ගනුදෙනුකරුවන් හට ආකර්ෂණීය ප‍්‍රතිලාභ හිමිකර දෙන මෙම ගිවිසුම තුළින් HNB සේවකයන් සඳහා සුවිශේෂී දිරි ගැන්වීමේ යෝජනා ක‍්‍රමයක්ද ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB හි පුද්ගල මූල්‍ය සේවා ප‍්‍රධානී කාංචන කරුණාගම මහතා ‘‘HNB සහ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් අතර පැවති ගිවිසුම අලූත් කරමින් තව දුරටත් ඉදිරියට ගෙන යාම අපගේ විශ්වසනීය ගනුදෙනුකරුවන්ගේ වාහන සිහිනය යථාර්තයක් කර ගැනීම සඳහා ඔවුන් වෙනුවෙන් ඉහළ සේවාවක් ලබා දීමේ ප‍්‍රයත්නයක් ලෙස සඳහන් කළ හැකියි. ශක්තියෙන් ඉහළ, දිගු කල් පවතින, ඉහළ කාර්යසාධනයක් සහිත ට‍්‍රක් රථ මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීමේ ගෞරවය හිමි කරගෙන සිටින ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් අසමසම සේවා ප‍්‍රමිතීන් හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන්ගේ නොමද විශ්වාසය හිමි කරගෙන සිටිනවා. අපගේ මෙම සහයෝගීතාවය අලූත්ම වාහනයක සිහිනය සැබෑ කරගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් හට මහත් අස්වැසිල්ලක් වනු ඇති අතර ඒ තුළින් අලෙවියෙන් පසු ඉහළම පාරිභෝගික සේවාවක්ද පහසුවෙන් හිමි කරගත හැකියි’’ යනුවෙන් පැවසුවේය.

ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් වාහනයක් මිලදී ගන්නා HNB ගනුදෙනුකරුවන් හට රුපියල් මිලියන 4.5ක් වටිනා ජීවිත රක්ෂණාවරණයක් හිමි වන අතරම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් වට්ටම් සහිත මාසික වාරික සහ HNB ලීසිං වෙතින් විශේෂ වට්ටම් හා ප‍්‍රතිලාභ සහිත නොමිලේ ණය පතක් ද රක්ෂණ සමාගම ගනුදෙනුකරුවන්ට ලබා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස්හි විකුණුම් හා අලෙවි ප‍්‍රධානී හෂීන්ද්‍ර ද සිල්වා මහතා ‘‘HNB සමඟ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් ඇතිකර ගනු ලැබූ හවුල්කාරීත්වය තුළින් පහසු හා වඩා වාසිදායක ලීසිං විසඳුම් හිමි වන බව ගනුදෙනුකරුවන් වෙත සනාථ කර තිබෙනවා. මේ වසරේත් එම සේවාවෙහි වෙනසක් සිදු නොවන අතර අපගේ සහයෝගීතාවය තුළින් සහනදායී පොළී අනුපාත මෙන්ම අපගේ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවද ගනුදෙනුකරුවන්ට හිමි කර දීමට අප සූදානමින් සිටින බව සඳහන් කළ යුතුයි’’ යනුවෙන් පැවසුවේය.

තවද සියලූම HNB පාරිභෝගිකයින්ට ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් කම්කරු ගාස්තුවලින් තොර වාහන සේවා (සර්විස්) දෙකක් ද ලබා දෙයි. මෙම ප‍්‍රවර්ධන කාලය තුළ HNB පාරිභෝගිකයින් මිලදී ගන්නා සෑම වාහනයක්ම ලියාපදිංචි ගාස්තුවලින් නිදහස් වන අතර මිලදී ගනු ලබන සෑම මගී ප‍්‍රවාහන රථ සඳහා විනෝදාස්වාද පද්ධතියක් හා රිවර්ස් කැමරාවක් නොමිලේ හිමි කර දීමද විශේෂත්වයකි.

Visits: 74