IFC සහ CSE එක්ව ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය සඳහා සීනුව නාද කරයි

2021 වර්ෂයෙහිදී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණ පෙරදැරිව ලෝක බැංකු සමුහයේ සමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හා කොළඹ කොටස් හුවමාරුව (CSE) එක්ව අබණ්ඩව සයවන වසරටත් ඊයේ දිනයේදීද සීනුව නාද කොට ගනුදෙනු ආරම්භ කළ බව පවසයි.

වාර් ෂිකව ලොව පුරා විවිධ කොටස් හුවමාරුවල පැවැත්වෙන මෙවැනි සීනුව නාද කිරීමේ උත්සව තුලින් ආර්ථික සංවර්ධනය සදහා කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීම තුලින් පෞද්ගලික අංශයෙහි තිරසාර සංවර් ධනය ප්‍රවර් ධනයට ඉවහල් වන්නේ කෙසේද සහ එහි ඇති වැදගත්කම මෙහිදී පෙන්නුම් කරනු ලබයි.

මෙවර වැඩසටහන වැදගත් වන්නේ COVID-19 වසංගතය කාන්තාවන්ගේ ආර්ථික හා සමාජීයිය අභිවෘද්ධියට වැඩි බලපෑමක් එල්ල කර ඇති නිසා බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.
ගෝලීය රැකියාවලින් 39%ක පමණක් කාන්තා සහභාගිත්වයක් දක්නට ලැබිය හැකි නමුදු, වසංගතය හේතුවෙන් සමස්ත රැකියා අහිමිවීම් වලින් 54% ක් කාන්තාවන් වේ. මැකින්සි ග්ලෝබල් ආයතනයට අනුව කාන්තාවන්ගේ රැකියා අහිමිවීමේ අනුපාතය පිරිමින්ට වඩා 1.8 ගුණයකින් වැඩිය.

එනම් ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතරය පියවීමට ගන්නා සුළු පියවරකදී පවා 2025 වර්ෂයෙහිදී දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 12කින් වර් ධනය කරගැනීමට හැකි වන බව අධ්‍යයනවලින් පෙනී යාමෙන් මෙම පරතරය අවම කරගැනීමේ වැදගත්කම සනිටුහන් වේ.

මෙම වැඩපිළිවෙල පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා, “2021 වර් ෂයේදී ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය ප්‍රවර් ධනය කිරීම සඳහා නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ එක්වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපගේ ශ්‍රම බලකායට හා ආර්ථිකයට කාන්තාවන්ගේ වැඩි සහභාගීත්වයක් තුලින් සමාජයට සහ අපේ රටට සාධානීය බලපෑමක් ඇති කළ හැකි බව අපි තරයේ විශ්වාස කරනවා. ඒ නිසාම මෙම වසරේදීත් අප මෙම උත්සවය පැවැත්වීමට තීරණය කලා. ගෝලීය වසංගතය හමුවේ රට යථා තත්ත්වයට පත්වන අවස්ථාවක, ශ්‍රම බලකායේ කාන්තාවන්ගේ කුසලතා උපයෝගී කර ගැනීමට දිරිමත් කල යුතු වෙනවා” යනුවෙන් පවසා ඇත.

ස්ත්‍රි පුරුෂ සමානාත්මතා ප්‍රගතියක් අත්කරගැනීම තුලින් නැගීයන සහ පුර්ව නැගී යන වෙළෙදපොළවල (Emerging & Frontier markets) ආර්ථික, පාරිසරික, සමාජියිය සහ යහපාලන ප්‍රතිලාභ අත්පත් කරගත හැක. මෑතකාලීනව, යම් ප්‍රගතියක් පෙන්නුම් කලද, සමාගම් අධ්‍යක්ෂක තනතුරුවල තවමත් අඩු කාන්තා නියෝජනයක් පෙන්නුම් කරයි. එනම් ගෝලීය වශයෙන් සියයට 17ක ප්‍රතිශතයක් පමණි.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ කොළඹ කොටස් හුවමාරුව විසින් සිදුකරන ලද පර්යේෂණයට අනුව, ලැයිස්තුගත සමාගම් අධ්‍යක්ෂකවරුන්ගෙන් සියයට 9.5 ක් කාන්තාවන් වූ අතර එය 2018 වර් ෂයට සාපේක්ෂව සියයට 30ක වර් ධනයක් වේ.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙහි සාංගමික පාලන නිලධාරී (IFC) ලෝපා රහමන් මහත්මිය පවසා සිටියේ, “COVID-19 වසංගතයේ පෙර නොවූ ලෙසින් විවිධ අභියෝගතා හමුවේද, අපගේ පර්යේෂණවලින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ මණ්ඩලවල, කාන්තා අධ්‍යක්ෂකවරුන්ගේ සංඛ්‍යාවෙහි සාධනීය ප්‍රවණතාවක් ඇති බවයි. 2018 වර් ෂයේදී අපගේ පර් යේෂණ ආරම්භ කළ දින සිට ජ්‍යෙෂ්ඨ සහ සුදුසුකම් ලත් කාන්තාවන් 75 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ඉහල නිලධාරී මණ්ඩලවලට බැඳී සිටිනවා. මෙවැනි විවිධාංගීකරණ නියෝජනය පැහැදිලිවම ව්‍යාපාරික දියුණුවට තුඩු දෙන බව අපි තරයේ විශ්වාස කරනවා,” යනුවෙනි.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථා (IFC) “Women on Boards” වැඩසටහන කාන්තාවන් පෞද්ගලික අංශයේ සහභාගීත්වය සහ නායකත්ව හැකියාවන් වර් ධනය කිරීමට අනිවාර්යය යහපත් ආයතනික භාවිතයන් ප්‍රචලිත කරන පුළුල් ප්‍රයන්ත වැඩසටහනකි. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සම්බන්ධ මෙවැනි වැඩසටහන් සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් සහාය වන IFC-DFAT WOMEN IN WORK හවුල සහාය වේ.

“මේ වසරේ අන්තර් ජාතික කාන්තා දිනයේදී COVID-19 අභියෝග හමුවේ ඉදිරිපෙළ රාජකාරියේ නියුතු  කාන්තාවන් මෙන්ම, දුෂ්කර පරිසරයක ව්‍යාපාර මෙහෙය වන සහ නිවසේදී අමතර වගකීම් සිදු කරන කාන්තාවන් ඇතුළු සියලුම කාන්තාවන්ගේ කාර් යයභාර්යය අප බෙහෙවින් අගය කරනවා. COVID-19 හි ගෝලීය බලපෑම්වලින් අප යථා තත්ත්වයට පත්වන විට, සමානාත්මතාවය සහ විවිධත්වය වෙන කවදාටත් වඩා වැදගත් වන්නේ වඩාත් සමෘද්ධිමත් ආර් ථිකයකට මග පෑදීමටය,” යනුවෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා පවසා ඇත.

2021 වර් ෂයෙදී ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය සදහා පවත්වන සීනුව නාද කිරීමේ උත්සවය IFC, Sustainable Stock Exchanges (SSE) Initiative, UN Global Compact, UN Women, Women in ETFs සහ World Federation of Stock Exchanges යන ආයතන සහ වැඩසටහන්වල සහයෝගීතාවයෙන් පවත්වනු සත්වන ගෝලීය හවුල්කාර වැඩසටහන වේ.

Visits: 118