OPPO නව ගෝලීය නිෂ්පාදන, 5G සහ රැහැන් රහිත තාක්ෂණයන් එළිදැක්වීමට සුදානමින්

පෙබරවාරි 23 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත Mobile World Congress Shanghai (MWCS) 2021 හිදී OPPO විසින් පෙරළිකාර නවෝත්පාදනයන් කිහිපයක් ඉදිරිපත් කරනු ඇතැයි පවසයි.

මෙම නවෝත්පාදනයන් පදනම් වනු ඇත්තේ තම තාක්ෂණය සමාජගත කිරීම සඳහා OPPO විසින් හඳුනාගෙන ඇති වන ‘නව්‍යකරණය’ සහ ‘පාරිභෝගිකයන්’ යන මාර්ගෝපදේශ යුගල මත වන අතර එමඟින් සුවිශේෂී අත්දැකීම් රැසක් සමාජයට ගෙන එනු ඇත. මෙම නවෝත්පාදනයන් හැකි තරම් පිරිසකට අත් කර ගැනීම සහතික කිරීම සඳහා ව්‍යාපාරික සහකරුවන්ගේ ජාලයක් ගොඩනැගීම සඳහාද OPPO සැලකිය යුතු කාලයක් ගත කර ඇත.

විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රවල හොඳම සමාගම් සහ හවුල්කාරිත්වයන් ප්‍රවේශමෙන් තෝරා ගැනීමෙන් සහ නවෝත්පාදකයින් සහ පුරෝගාමී හවුල්කරුවන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා ගොඩනඟා ගැනීම මඟින් නව ව්‍යාපාර ඉලක්ක හඹා යාමට, නව්‍ය තාක්ෂණයන් ගොඩනැගීමට සහ ලෝකය පුරාම ජනතාවගේ එදිනෙදා ජීවිතය පොහොසත් කිරීමට OPPO සැලසුම් කරයි.

ලෝකය වෙනස් කරන තාක්ෂණය
පර්යේෂණ හා සංවර්ධන කටයුතු (Research & Development) තම කොඳු නාරටිය ලෙස සලකන OPPO ප්‍රමුඛ පෙළ තාක්ෂණය දියුණු කිරීම හා නවෝත්පාදනයන් සඳහා විසින් වසර තුනක් තුළ ඇමරිකානු ඩොලර්බිලියන 7 ක් ආයෝජනය කර ඇත. ජංගම දුරකථන සඳහා වඩාත් ප්‍රචලිත වුවද, පුළුල් ස්මාර්ට් තාක්ෂණයන් සහ නව්‍යකරණයන් වැලඳ ගැනීම සඳහා OPPO සිය නිෂ්පාදන පෙළ පුළුල් කර ඇත. මීට අමතරව OPPO විසින් විශේෂිත පද්ධති (ecosystems)වෙත තම අවධානය යොමුකර ඇත.

Flash Charging
MWC Shanghai 2021 දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත OPPO Flash Charge කිරීමේ ව්‍යාපෘතිය වන Flash Initiative – ක්ෂේත්‍ර කිහිපයක නවෝත්පාදකයින් රැසක් එක් කරනු ඇත. තාක්ෂණය භාවිතා කරමින් වැඩි පිරිසක් සඳහා ඉක්මන් ආරෝපණයක් යථාර්ථයක් බවට පත් කිරීමට මෙම සෑමදෙනෙකුම කැපවී සිටී.

මෙම කණ්ඩායමට දැනටමත් මෝට්රථ, පහසුවෙන් ගෙන ය හැකි චාජර් සහ චිප් නිෂ්පාදනය යන ක්ෂේත්‍ර වල ප්‍රමුඛ සමාගම් වන FAW-Volkswagen, Anker සහ NXP Semiconductors ඇතුළත් වන අතර සෑම සමාගමටම OPPO පේටන්ට් බලපත්‍ර නිර්මාණ භාවිතය සඳහා අවසරය ලබා දී ඇත. OPPO විසින් මේ දක්වා සමාගම් 40 කට පමණ මෙලෙස සිය පේටන්ට් බලපත්‍ර භාවිතයට අවසර ලබා දී ඇත.

එමෙන්ම OPPO හෝ ඔවුන්ගේ හවුල්කරුවන් විසින් නිර්මිත ඕනෑම නව නිෂ්පාදනයක් දැඩි ලෙස පරීක්ෂා කර සහතික කර ඇති බව CTTL (China Telecommunication Technology Lab) විසින් සහතික කරනු ඇත. මෙම තාක්ෂණය මඟින් සියළු දෙනාටම අවශ්‍ය ඕනෑම වේලාවක කිසිදු බාධාවකින් තොරව තම උපාංග භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීමට OPPO බලාපොරොත්තු වේ.

5G
දිගු කලක් තිස්සේ අවධානය යොමු කර ඇති ක්ෂේත්‍රයක් වන 5G ක්ෂේත්‍රයේ පමණක් මේ දක්වා OPPO විසින් පේටන්ට් බලපත්‍ර 2,500 කට අයදුම් කර ඇති අතර European Telecommunications Standards Initiative (ETSI) වෙත පේටන්ට් බලපත්‍ර 1,000කට වඩා යොමුකර ඇත. OPPO තම ව්‍යාපාරික සහකරුවන් සමඟ නිරතුරුවම 5G සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදු කරන අතර Coventry විශ්ව විද්‍යාලය, Vodafone සහ Ericsson වැනි ආයතන සමඟ මෙබඳු පරීක්ෂණ සිදුකොට ඇත.

2019 මුලදී 5G හඳුන්වා දීමේ ව්‍යාපෘතිය දියත් කිරීමත් සමඟ 5G සඳහා දැැඩි සේ නැඹුරු වු OPPO ලොව පුරා 5G ලබා ගැනීමේ හැකියාව වේගවත් කිරීම සඳහා අද වන විට China Telecom, Orange, Vodafone, Deutsche Telekom, China Mobile, Telefonica, Telcel වැනි ලොව පුරා පිහිටි දුරකථන සේවා සපයන්නන් 80කට වැඩි ප්‍රමාණයක් සමඟ කටයුතු කරයි.

The Internet of Things
5G වැඩි පිරිසකට ලබාගත හැකි යථාර්ථයක් බවට පත්වීමත් සමඟම, OPPO විසින් 5Gහි ප්‍රතිලාභ ස්මාර්ට් නිවාස, කාර්යාල සහ පොදු ස්ථාන වෙත ගෙන ඒමට අපේක්ෂා කරයි. OPPO 5GCPE Unit වන Omni වැඩි දියුණු කිරීමත් සමඟ 5G ජංගම දුරකථන සංඥා I-O-T උපාංග සඳහා සහාය වන ස්ථාවර, සුපිරි අධිවේගී Wi-Fi බවට පත් කරනු ඇත. OPPO ඔවුන්ගේ 5G හවුල්කරුවන් වන Qualcomm සහ Ericsson හා එක්ව 5GmmWave පරීක්ෂණ පවත්වා Omni උපරිම ලෙස ක්‍රියාකරන බව සහතික කර සහ 5G downlink වේගය 4.06Gbps ලබා ගැනීමට සමත් විය.

5G සහ I-O-T මුසු කිරීමෙන් සිදුකල හැකි කාර්යයන් ප්‍රමාණය අසීමිතය. Console එකක් අවශ්‍ය නොවන Cloud-based Gaming සිට home energy management අසීමිත වීඩියෝ සංනිවේදනය ආදී පුළුල් පරාසයක එය පිහිටයි. 5G හි ස්ථායිතාව සහ සුපිරි bandwidth හැකියාව නිසා, භාවිතා කරන්නන් හට සම්බන්ධතා බිඳ වැටීම් හෝ මන්දගාමී වීම වැනි කිසිදු බාධාවක් ගැන කරදර විය යුතු නැති අතර ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක සිට සම්බන්ධ විය හැකිය.

OPPO මෙම තාක්ෂණයන් තුනේ සංයෝජනය වඩාත් ආකර්ෂණීය ලෙස දකී : එය ඕනෑම කෙනෙකුට අවශ්‍ය ඕනෑම තැනකදී ඕනෑම දෙයක් කිරීමට ඇති හැකියාවයි. පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමෙන් සහ සෑම ක්ෂේත්‍රයකම හොඳම නවෝත්පාදකයින් සමඟ සහයෝගීතාව ගොඩනඟා ගැනීමෙන් OPPO මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරයි.

“අපි අනාගතය ජයගත්තෙමු – දැන් අපට අවශ්‍ය අපගේ හවුල්කරුවන්ට එය ඉදිරියට ගෙන යාමයි” OPPO පවසා සිටියි.

Visits: 46